Colombo Today Local NewsNew Constitution

“අපි ඔක්කොම ලාංකිකයි.. කාටවත් ප්‍රමුඛත්වයක් නෑ.. බලය බෙදන නව ව්‍යවස්ථාව ගැන අගමැති කියයි

usaid23

නව ව්‍යවස්ථාවේ අභිප්‍රාය විය යුත්තේ බහුතරයේ කැමැත්ත නොව සැමට සමාන අයිතිවාසිකම් ලබා දීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා ඒ බව කියා සිටියේ යෝජිත නව ව්‍යවස්ථාව පිළිබදව දැනුවත් කිරීම සදහා කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

රටේ එක්සත් භාවයට හෝ ඒකීය භාවයට හානි නොවන ආකාරයට බලය බෙදා හැරීම ව්‍යවස්ථවෙන් සිදු කළ යුතු බවත් කී අගමැතිවරයා ‘ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය කියන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය. අපි ඔක්කොම එක සමානයි. අපි ඔක්කොම ශ්‍රී ලාංකික. අපි ඔක්කොම එක මවකගේ දරුවෝ’ යන්න පැහැදිලි කළේය.

සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය අමතමින් අගමැතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීම නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අරමුණ බවයි.

මෙරට පාර්ලිමේන්තුවේ හැත්තෑවැනි සංවත්සරය අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ යටතේ ලබන වසරේදී සැමරීමට හැකිවෙතැයිද අගමැතිවරයා විශ්වාසය පළකළේය.

බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝලයේදී පැවැත්වෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ඇමරිකාවේ USAID ආයතනය එක්ව සංවිධානය කොට තිබේ.

Related posts

බස්නාහිර පළාත් සභාවේ අයවැය අතරතුර මන්ත්‍රීවරු අසභ්‍ය දර්ශන නැරඹූ හැටි මෙන්න [Video]

colombotoday

වර්ගවාදී ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු පහර දීමක් කළා..

colombotoday

“මහින්ද රට ආපස්සට ගෙනගියා.. එජාපය රට දියුණු කළා.. වැට් වැඩිවීම අනාගත ආයෝජනයක්” – අගමැති

colombotoday

ලබන මස මැදදී සංචාරකයන්ට මුළු රටම විවෘත කිරීමේ සැලසුමක්

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයක ජල බෙදා හැරීම සීමා කෙරේ…

Admin

නව අගමැති දිනේෂ් ගුණවර්ධන දිවුරයි

colombotoday