Colombo Today Local News

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට අනුමැතිය

2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා වන සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

බද්දට යටත් පිරිවැටුම 2024/1/1 දින සිට ක්‍රියාත්මක වන පරිදි වසරකට රුපියල් මිලියන 120 සිට රුපියල් මිලියන 60 දක්වා අඩු කිරීම සඳහා 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම පිණිස 2023/10/30 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇත.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව ඇනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

විල්පත්තුවේ වන විනාශය පූක්කුලමෙන් යලි පටන් ගනියි

colombotoday

යුද හමුදාවේ තවත් නිලධාරීන් තුනක් ජිනීවා යුද අපරාධ චෝදනා ලයිස්තුවට…

colombotoday

කැබිනට් මණ්ඩලය 32 දක්වා වැඩි කරනවා – අගමැති ජනපතිට දන්වයි

colombotoday

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සම්මුතියකට අත්සන් කරයි..

colombotoday

ඉන්දියාවෙන් පැන ආ තවත් අයෙක් මුල්ලියාවේලි දී සොයාගනී

colombotoday

රනිල් පොරොන්දු වුන වැටුප් වැඩිකිරීම ගැන සමාලෝචනයක්

Admin