Colombo Today Local News

බුදු දහමට නිගා කළ චීවරධාරියා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් “විශ්ව බුද්ධ” නමින් හඳුන්වාගත් චීවරධාරියාව එළඹෙන 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධානාගාරගතකර තිබේ.

බුදු දහමට නිගාවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වීඩියෝ නිකුත් කිරීම සම්බන්ධයෙන් “විශ්ව බුද්ධ” නමින් පෙනී සිටි චීවරධාරියෙකු සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතු වුණි.

ඒ් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව අදාළ චීවරධාරියා ඊයේ (12) පස්වරුවේ කලගෙඩිහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 34හැවිරිදි වියේ පසුවූ චීවරධාරියෙකි.

Related posts

ජනපතිගේ ආරාධනය විපක්ෂ නායක පිළිගනී

colombotoday

ප්‍රහාර එල්ල වූ පල්ලිවල CCTV අක්‍රීය වෙලා..! ගැහුවාද ? ගහගත්තාද?

colombotoday

ඡන්දය දා කලබල කළොත් පොලිසියෙන් වෙඩි…

colombotoday

දේශීය කිරිපිටි මිල වැඩි කරන්න පියවර ගෙන නෑ…

colombotoday

පාර්ලිමේන්තු නව සැසිවාරය : ජනපතිගේ දෙවැනි ගැසට් එකෙත් අවුලක්…

colombotoday

කතාන්දර පොත් වල සගවා ගෙනා කෝටි 23 කොකේන් කටුනායක දී අල්ලයි

Admin