Colombo Today Local News

බේරේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් ගැන කඩිනම් වාර්තාවක් ඉල්ලයි

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාල ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.

කොළඹ නගර අලංකරණ සැලැස්ම හා එහි වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩිනමින් ලබා දෙන ලෙස සාගල රත්නායක මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත.

සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ කොළඹ නගර අලංකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.

Related posts

බදියුදීන් තනි නොකරයි… සියලු මුස්ලිම් ඇමතිලා එකවර ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

ලක්ෂ 10ක් මාසික පඩියක් ගන්නා 190ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ… කෝප් වාර්තාවෙන් හෙලිවෙයි…

colombotoday

“වෙසක් පොහොයෙන් අපට වැඩක් නෑ…..” – “පුවත සදාචාරාත්මක නෑ… එහෙම කීවෙ නෑ” – පෙරටුගාමී පක්ෂය

colombotoday

නිමල් බෝපගේ සහ ලලිත් ද සිල්වා ජනාධිපති කාර්යාලයෙන් දොට්ට දමයි

colombotoday

මහින්ද හොඳ නායකයෙක්.. සිරිසේන පක්ෂය විනාශ කළා : හිටපු ජනපතිනිය කියයි

colombotoday

විහාර දේවාලගම් පනතින් මහා නාහිමිවරුන්ටත් ඉහළින් ගිහි තනතුරක්!

colombotoday