Colombo Today Local News

බෙහෙත් පෙත්තක් හිරවී සිසුවියටක් මිය යයි

බලපිටිය මරදාන ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් අද (10) උදෑසන බෙහෙත් පෙති දෙකක් උගුරේ හිරවී මිය ගොස් ඇති බව අහුන්ගල්ල පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලපිටිය රේවත විදයාලයේ ඉගෙනුම ලබන වලිමුනි දිනුජි මොවිස්මා මෙන්ඩිස් නමැති (13) හැවිරිදි ශිෂයාව බව ද පොලීසිය කියයි.

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් මත නිවසේ තිබූ බෙහෙත් පෙති දෙකක් මේ දැරිය අරගෙන ඇති බවත් එය පාවිච්චි කිරීමෙන් පසු මේ සිසුවිය මිය ගොස් ඇති බව ඥාතීන් පවසන බවත් පොලීසිය කියයි.

මිය ගිය දැරියගේ මරණ පරීක්ෂණය අද(10)දින බලපිටිය මූලික රෝහලේදී රෝහල් මරණ පරීක්ෂිකා කේ ගවගාඅරච්චි මහත්මිය විසින් පැවැත්වීමට නියමිතව තිබිණ.

අහුන්ගල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

අර්චුනාට යාපනය රෝහලට යා හැක්කේ රෝගියෙකු ලෙස පමණයි

Admin

රතන හිමි චම්පිකට රිද්දන්න බදුර්දීන්ට අවි අමෝරයි

colombotoday

කුඩා දරුවන් අතර පැතිරෙන රෝගයක්

colombotoday

හිටපු නීතිපතිට අදත් TIDයෙන් කැඳවීමක්

Admin

ඔංචිල්ලාවක ගෙල සිරවී සිගිත්තියක් මරුට

colombotoday

සංචාරක හෝටල් සඳහා විදුලි බිල ගෙවීමට වසරක සහන කාලයක්

colombotoday