Colombo Today Local News

“ශ්‍රී ලංකා හමුදාවේ ශක්තිය සියයට 37කින් අඩු කරනවා” මංගල ඇමරිකාවේදී කියයි

mongala 12154

ශ්‍රී ලංකා හමුදාවේ ශක්‌තිය සියයට 37 කින් අඩුකර ඇති අතර එය තවදුරටත් ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ප්‍රකාශ කර ඇත.

ඉදිරි සති කිහිපය තුළ උතුරේ ඉඩම් අක්‌කර 600 ක්‌ නිදහස්‌ කරන බවත් යුද හමුදාව විසින් පවත්වාගෙන යන උතුරු නැඟෙනහිර හෝටල් කිහිපයක්‌ සිවිල් ජනතාවට ලබාදෙන බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

ත්‍රස්‌තවාදී මර්දන පනත වෙනුවට නව කෙටුම්පතක්‌ රජයට ඉදිරිපත් කර ඇති බව පැවසූ ඇමැතිවරයා ත්‍රස්‌ත මර්දන පනත ඉතා ඉක්‌මනින් ඉවත් කරන බවද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ 180,000 ක හමුදාව සියයට 37 කින් අඩුකරන බවද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ හමුදා ශක්‌තිය අඩුකළ යුතු යෑයි මෑතකදී මෙරටට පැමිණි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් කුමරු ඉල්ලා තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

අමාරුම වෙලාවේ උදව් කරේ ගඩාෆි, එක ඇමතුමෙන් ඩොලර් මිලියන 500ක් දුන්නා – හිටපු ජනපති හෙළි කරයි.

colombotoday

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

Admin

STF සහ පාතාලය අතර වෙඩි හුවමාරුවක්… පාතාල ලොක්කෝ දෙදෙනෙක් එළොව යති…

colombotoday

නියෝජ්‍යය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට

colombotoday

මහ බැංකුවට කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීමට ඉල්ලුම් පත් කැඳවීම් නවතයි

colombotoday

CEPA එපා, කියූ රජයේ වෙදැදුරු සංගමයට එරෙහිව මර්ධනයක්!

colombotoday