Colombo Today Local News

ග්‍රාම නිලධාරී විභාගය දෙසැම්බර් මුල් සතියේදී…

ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා වන විභාගය දෙසැම්බර් මුල් සතියේ පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉකුත් ජුනි 30දින වනවිට මෙරට ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2763ක් ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා 2021.03.31 දින වනවිට පැවති ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් විභාගය පැවැත්වීමටත්, දැනට රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අන්තර්ග්‍රහණය මඟින් ඉතිරි පුරප්පාඩු පිරවීමටත්, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව කීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න යටතේ සංජිව එදිරිමාන්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

නාගනන්ද කොඩිතුවක්කු රේගුවේ නිලධාරීන් සමග එක්ව ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නවා

colombotoday

කපුවාට අපහාස කළැයි දෙදෙනකු කුරුසියේ තබා ඇණ ගහලා

colombotoday

තෙල්දෙණියට, පල්ලේකැළේට නැවතත් පොලිස් ඇදිරිනීතිය

colombotoday

“අර්ජුන් සාක්ෂි දෙන්නේ ඔහු කැමතිනම් විතරයි.. බලකරන්න බෑ” – කොමිසමෙන් දැනුම්දීමක්

colombotoday

ඉන්දියාව සමග ETCA අත්සන් කරනවා.. ස්ථීරයි – ජනපති සහතික වෙයි

colombotoday

නිරෝධායන නීති නොතකමින් පැවැත් වූ අරාබි පාසල

colombotoday