Colombo Today Local News

සූරියවැව රෝහලෙන් සැකකටයුතු කාන්තා මළ සිරුරක් හමුවෙයි

සූරියවැව රෝහලෙන් සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළසිරුරක් හමුවී තිබේ.

ඊයේ (01) උදෑසන මේ පිළිබඳ එම රෝහලෙන් ලද තොරතුරක් මත සුරියවැව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෘත ශරීරය පරීක්ෂා කිරීමේදී දකුණු වැලමිට තුවාල වී ඇති බවත් දකුණු කනෙන් ලේ වහනය වී ඇති බවක් දක්නට ලැබුණු බවත් මෙය සැකකටයුතු මරණයක් බවත් පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වන සූරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධිය සම්බන්ධව සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ISIS මරණ තර්ජන හේතුවෙන් මියා කලීෆා රංගනයෙන් ඉවත් වේ

colombotoday

සහල් වැඩි මිලට අලෙවි කිරිමට වෙළදුන්ට අවසර

colombotoday

මෙරට ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්.

colombotoday

තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිමට අවස්ථාවක් නෑ – ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

විග්නේෂ්වරන් උතුරේ ස්වයංපාලනය ඉල්ලද්දී, ලෝකය දිනා ජනපති මෛත්‍රී කටුනායකින් බහී !

colombotoday

“අනිත් හොරු අල්ලන්න කලින් තමන්ගේ හෙළුව වහගත්තනම් හොදයි” – රාජිත පියපුතුට එජාපයෙන් ප්‍රහාරයක්

colombotoday