Colombo Today Local News

දිස්ත්‍රික්ක 7ක ප්‍රා.ලේ. කොට්ඨාස 29ක නායයෑමේ අවදානමක්

වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29 කට නායයෑමේ අනතුරු ඇඟවීම් අද (28)දින නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, කොලොන්න, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, කළවාන, ඇහැලියගොඩ, කිරිඇල්ල, රත්නපුර, ඇළපාත සහ නිවිතිගල, මාතර දිස්ත්‍රික්කයේ මුලටියන, අතුරලිය, කොටපොළ සහ පිටබැද්දර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දෙහිඕවිට, කෑගල්ල, දැරණියගල සහ යටියන්තොට, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරළය, කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, මතුගම, බුලත්සිංහල අගලවත්ත, බුගත්සිංහ සහ ඉංගිරිය, හම්බන්තොට දිස්ත්‍රිකක්යේ වළස්මුල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නෙළුව වන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට මෙසේ නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.

Related posts

ජවිපෙ බේරුවල නගරයේ පන්දම් දල්වා විරෝධතාවයක

colombotoday

ඩොලරය ඉහළ යයි

Admin

ජෙමිනීඩ් උල්කා වර්ෂාව නැරඹීමට ලාංකිකයින්ට අවස්ථාව

colombotoday

මහින්ද රාජපක්ෂත් ප්‍රභාකරන් වගේමයි.. ඔහු කරන්නෙත් ප්‍රභාකරන් කරපු දේමයි – විජයමුණි සොයිසා

colombotoday

“රටේම විදුලි දෝශ හදන්න තව මාස තුනක්වත් යයි” විදුලි උප ඇමති

colombotoday

මර්වින් ජානාගේ කුඩු සල්ලි මාස එකොලහක් තුළ හුවමාරු වූ හැටි

colombotoday