Colombo Today Local News

පොලිස් සෝදිසියකදී වැලි අස්සෙන් දැව මතුවෙයි

යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මීසාලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව ඉතා සූක්ෂමව වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් තේක්ක දැව ප්‍රවාහනය කරන ලද ටිපර්රථයක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

මෙම වැලි ටිපර් රථය කනගරායන් කුලම් ප්‍රදේශයේ සිට යාපනය දක්වා ධාවනය වී ඇති අතර මීසාලෙයි ප්‍රදේශයේ යොදවා ඇති පොලිස් මාර්ග බාධකයකදී මෙම ටිපර් රථය පොලීස් නිලධාරීන් නවතා ඇත.

පසුව වැලිටිපර් රථය පිළිබඳව සැක පහල වී සිදුකරන ලද සෝදිසියකදී වැලි වලට යටින් තේක්ක දැව ඇති බව අනාවරණය වීමෙන් පසුව ටිපර් රථය සමගින් එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.

Related posts

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

colombotoday

විමල් ඇප මත නිදහස් (BREAKING)

colombotoday

එන්නත් නොගත් අයට බස් ගමන් තහනම් වන ලකුණු

colombotoday

චන්ද්‍රිකා – මහින්ද අමරවීර, සියඹලාපිටිය, අලගියවන්න ඇතුළු 8කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.

Admin

සහල් මෙට්‍රික් ටොන් 300,000ක් ආනයනය කිරීමේ යෝජනාවට අනුමැතිය

colombotoday

Update: කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළට

colombotoday