Colombo Today Local News

යතුරුපැදි සොරා ගෙන මස් කල දෙදෙනෙක් අල්ලයි

යතුරුපැදි සොරාගෙන එම යතුරුපැදි කොටස්කර විකුණන පුද්ගලයන් දෙදෙනෙකු වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තල දික්ඕවිට ප්‍රදේශයේ දී  යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැක කටයුතු පුද්ගලයෙකු පරික්ෂා කර කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 870ක් සොයා ගත් බව පොලිසිය පවසයි.

ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති පරිදි සැකකරු පැමිණි යතුරුපැදිය සීදුව ප්‍රදේශයෙන් සොරා ගෙන ඇති අතර තවත් යතුරුපැදියක ගලවන ලද කොටස් සමඟ ඊට සම්බන්ධ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 සහ 26 යන වයස්වල පසුවන අතර ඔවුන් උස්වැටකෙයියාව සහ හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වෙයි.

සැකකරුවන් අද (18)දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අග්ග මහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියන් අපවත් වෙති

Admin

දික්වැල්ලේත් වෙඩිතැබීමක්

Admin

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Admin

විදුලි බිල ගැන පාඨලීගෙන් ආණ්ඩුවට චෝදනාවක්

Admin

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහළට

colombotoday

බුදුන් වහන්සේ නාගදීපයට වැඩමකළ බක් පුන් පොහොය අද

colombotoday