Colombo Today Local News

කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා

විවිධ චෝදනා හේතුවෙන් කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 143 න් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා මත සිරගතව සිටින බවත් එම සංඛ්‍යාව සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 80ක් පමණ වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා අද (28)දින පැවසීය.

මත්ද්‍රව්‍ය චෝදනාවට වැරදිකරු වූ වී කුවේට්හි ඊයෙ (27)දින එල්ලා මැරූ ශ්‍රී ලාංකිකයා සතුව තිබි අයිස් නැමති මත්ද්‍රව්‍ය කිලෝඑකහමාරක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් තිබී එරට ආරක්ෂක අංශ සොයා ගෙන ඇති බවත් අදාළ පුද්ගලයා 2019 වසරේ අත්අඩංගුවට ගෙන ඇති බවත් යාපා මහතා කීය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී 2016 වසරේ ගෘහ රියැදුරකු ලෙස මෙම පුද්ගලයා කුවේට් රැකියාවට ගොස් ඇති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහුගේ අවසන් ඉල්ලීමට අනුව ඔහුගේ දේහය එප්පාවල පිහිටි ඔහුගේ මව පදිංචිව සිටින නිවසට භාරදීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කරයි.

Related posts

රනිල්ගේ නිවස ඉදිරිපිටත් උද්ඝෝෂණ දෙකක්

colombotoday

ගණිකා වෘත්තීය නීති ගත කරන්න දැම්ම පනතට ඥානසාර හිමි එරෙහි වෙලා. අජිත් ප්‍රසන්නගේ වෛරය ඒ නිසයි – ආබාදිත රණ විරුවෝ කියති

colombotoday

ශුක්‍රාණු ආනයන බලපත්‍ර ඉවත් කෙරේ

colombotoday

තත්වය හොද නෑ.. කොරෝනා මරණ ගණන ඉහළ යා හැකි..

colombotoday

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළට

Admin

ග්‍රාම නිලධාරී වසම් 77ක හුදකලාබව ඉවතට

colombotoday