Colombo Today Local NewsHot News

ගණිකා වෘත්තීය නීති ගත කරන්න දැම්ම පනතට ඥානසාර හිමි එරෙහි වෙලා. අජිත් ප්‍රසන්නගේ වෛරය ඒ නිසයි – ආබාදිත රණ විරුවෝ කියති

පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි රණ විරුවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි බව ආබාදිත රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ බලවේගයේ සභාපති U D වසන්ත මහතා පවසනවා.

දේශපාලන ඉඳුල් කන හමුදාවේ විශ්‍රාමිකයැයි පවසන පුද්ගලයෙක් ඥානසාර හිමි ඉලක්ක කර මඩ ගසන බවත් ඔහු දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස 2009 සිට 2012 දක්වා සිටි බවත් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ බලවේගය පවසනවා.

අජිත් ප්‍රසන්න ඥානසාර හිමි සමග වෛරයක් ඇති කර ගැනීමට හේතුව ගණිකා වෘත්තීය නීති ගත කිරීමට දකුණු පළාත් සභාවට ගෙන ආ පනතකට එරෙහිව ඥානසාර හිමි ක්‍රියා කිරීම බවත් ඒ හේතුවෙන් අජිත් ප්‍රසන්න උන්වහන්සේ සමග බද්ද වෛරයකින් සිටින බවත් අන්තර්ජාලයට වීඩියෝවක් එක් කරමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

අජිත් ප්‍රසන්නගේ පහත් හැසිරීම අනුමත නොකරන බව ප්‍රකාශ කර සිටි U D වසන්ත කොන්දේසි විරහිතව රණ විරුවන් සමග පියෙක් වගේ හැමදාමත් සිටි ඥානසාර හිමි සමග බහුතර රණ විරුවන් සිටින බවත් සඳහන් කර සිටියා.

Related posts

X-Press Pearl වන්දි නඩුව පවරන්න අධිකරණ ඇමතිගෙන් නීතිපතිට උපදෙස්

Admin

අයවැය තුන්වැනිවර කියවීමේ තීරණාත්මක අවසන් ඡන්ද විමසීම අද

Admin

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් හඳුනාගනී

colombotoday

ඛණිජතෙල් වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

colombotoday

“හෙට කොළඹදී බෝම්බයක් පිපුරුවොත්, ඒකත් මේ ආණ්ඩුවට සාමාන්‍ය දෙයක්” – අක්මීමන දයාරතන හිමි

colombotoday

බැදුම්කර “හොරු ඇල්ලීම” අගමැති අතට ගනී.. මහබැංකු අධිපතිට, නිලධාරීන්ට උපදෙස් !

colombotoday