Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර පාලන මිල ඉවතට

බිත්තර සඳහා පනවා ඇති පාලන මිල අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ දුබුරු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් නියම කර තිබුණි.

මේ අතර, ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට මුදා හැරීමට ද මේ වනවිට අවසර ලබා දී ඇති අතර ඒ තුළින් වෙළෙඳපොළ තුළ තරගකාරී මිලක් තීරණය වීමට ඉඩ හරින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

පාලන මිල ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ.

Related posts

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඇතුළු ආයතන කීපයක් ඈවර කිරීමට සූදානම්

Admin

අතුරුගිරියේ ජෙරම් STF අත්අඩංගුවට

Admin

කටුනායක ගුවන්තොටේ මූණ හෝදන බේසමෙන්, කකුල් හෝදන ඉන්දියානුවෙක් !

colombotoday

මංගල සුරා ගැසට් පත්‍රය අකුලාගනී !

colombotoday

ඇප නෑ.. මුසම්මිලුත් ජූලි 4 දක්වා වැලිකඩට

colombotoday

රාජ්‍ය ඇමති පොල් ගසකට නැග මාධ්‍ය අමතයි

colombotoday