Colombo Today Local News

මහනුවර ඇසළ පෙරහැරේ විදුලි බිල ගැන අද විශේෂ සාකච්ඡාවක්

ඇසළ පෙරහැර සමයේ මහනුවර දළදා මාළිගාව හා සිව්මහ දේවාලවල විදුලි බිල සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (19)දින පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව සඳහා දියවඩන නිලමේවරයා සහ සිව්මහ දේවාලවල බස්නායක නිළමේවරුන්, මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු තවත් නියෝජිතයින් කිහිපදෙනෙකු මීට එක්වීමට නියමිතය.

මෙවර ඇසළ පෙරහැර සඳහා ලංකා විදුලි බලමණ්ඩලය විසින් ශ්‍රී දළදා මාළිගාවට රුපියල් කෝටියකට අධික ඇස්තමේන්තු ගත විදුලි බිලක් ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විවිධ මත පළකිරීමත් සමග එය සමාජයේ කතාබහට පාත්‍රවූ අතර දියවඩන නිළමේවරයා ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කරන්නේ, ඇස්තමේන්තු ගත විදුලි බිල කිසිදු ගැටලුවක් නොවන බවත් එය ගෙවීමට දළදා මාළිගාවට හැකියාව පවතින බවත් ය.

Related posts

ආණ්ඩුව කොරෝනා වසංගතයට මුවා වී නොහැකියාව වසා ගැනීමට උත්සාහ කරනවා

colombotoday

විදුලිබල මණ්ඩල සේවකයන් ප්‍රසාද දීමනාව අත්හරී

Admin

ඡන්දපලට නිකාබ්, බුර්කා තහනම් !

colombotoday

බන්ධනාගාර රැඳවියන්ටත් කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙයි

colombotoday

ජනපති ගෝඨාභය පළමු දින 10ට සිදුකල වැඩ 12

colombotoday

LMG අවිය TIDයෙන් එළියට ගත්තේ මෛත්‍රී,මහින්ද,ගෝඨාභය ඝාතනය කිරීමටයි….

colombotoday