Colombo Today Local News

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසක් හොරු බිදලා

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන නීතීඥ සුජීව සේනසිංහ මහතාට අයත් මහනුවර හන්තාන නිවාස යෝජනා ක්‍රමයේ ඇති නිවසක් හොරු බිඳ රුපියල් ලක්ෂ 5 ට ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව මහනුවර පොලීසිය පවසයි.

සොරාගත් භාණ්ඩ අතර රන් බඩු, මුදල් සහ මොටර් රථ බැටරියක් වන බව ඒ මහතා පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් වෙයි.

නිවසේ සේවකයන් වශයෙන් සිටි දෙදෙනකු විසින් මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට සැකකරන බවට ඒ මහතා ඊයේ (11)දින පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

සිද්ධියේ සැකකරුවන් මෙතක් හදුනාගෙන නොමැති අතර මහනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

බහින්බස්වීමක් දුර දිග ගිහින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

නැගෙනහිර පුරාවිද්‍යා උරුමය මකර කටේ.. පුරවිද්‍යා දෙපාර්තමේන්තුව වගකීමෙන් කර අරී (Video)

colombotoday

හුදකලා කර තිබූ වැලිඔය වතුයායේ පිරිසක් උද්ඝෝෂනයක

colombotoday

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අවසන්

Admin

ඥාණසාර හිමි දම් දෙසුමකට දර්ගාවට වඩී.. ආරක්ෂාව තර කරයි.. කැරළි මර්ධනයත් කැදවයි !

colombotoday

කොරෝනා ආසාදිත ගණන ඉහළට

colombotoday