ශ්‍රී ලංකාව වස විස වලින් තොර හරිත දිවයිනක් බවට පත් කර සැමට වස විස නැති ආහාර සැපයීම සදහා වූ ජාතික වැඩපිළිවෙල දිරිගන්වමින් “ධාර්මික ගොවිතැනක්, නිරෝගී ජනතාවක්, වස විස නැති රටක්” ව්‍යාපෘතිය යටතේ “වස විස නැති ජාතික පොළ” හා වෙළද ප්‍රදර්ශනය කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ ආරම්භ විය.
කාබනික ගොවිතැන, සාම්ප්‍රධායික වගා ක්‍රම, දේශිය ආහාර රටාව පිළිබදව පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය කරමින් ප්‍රදර්ශන කුටි රාශියක් ක්‍රියාත්මක වන අතර ප්‍රදර්ශනය මාර්තු මස 06 සිට 08 දක්වා පෙ.ව 10.00 සිට රාති‍්‍ර 09.00 දක්වා මහජනතාවට විවෘතව ඇත.
එහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ අදහස් පලකර සිටියහ. “අපේ ගෞරවණීය අතුරලියේ රතන ස්‌වාමීන් වහන්සේගේ සංකල්පයක් වන වස විසෙන් තොර රටක් ගොඩනැගීමේ පුළුල් ජාතික ව්‍යාපාරය ආරම්භ කිරීමේ ඓතිහාසික ප්‍රමුඛ කාර්යයට ඔබ සමග එක්‌වීමට ලැබීම සතුටක්. ලෝකයේ රටවල්වල බලයට පත් වෙන ආණ්‌ඩු සිය ජාතියේ සහ රටේ යහපත, අනාගතය සඳහා ඒ යුගයන්ට අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා. අපේ රටේත් ඩී. එස්. සේනානායක මැතිතුමාගේ ඉඳලා මේ දක්‌වා බලයට පත්වුණු සෑම රාජ්‍ය නායකයෙක්‌ම ඒ යුගයට අවශ්‍ය තීන්දු තීරණ බොහෝ අරගෙන තිබෙනවා. අපි අද රටේ අලුත් ගමනකට, නව පරිවර්තනයකට, අවශ්‍ය වෙනසකට දේශීය ආර්ථිකය සහ කෘෂි ආර්ථිකය ප්‍රමුඛ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවමින් මුළුමහත් සමස්‌ත ශ්‍රී ලාංකික ජනතාව අද ජීවත් වන සියල්ලන් වගේම හෙට උපදින දරුවන් මේ රටේ සැබෑ ලෙසම නීරෝගී මිනිසුන් කිරීමේ කාර්යය සඳහායි මේ පුළුල් වැදගත් වූ ජාතික අරමුණ අපි ආරම්භ කරන්නේ.
අපිට රසායනික, මේ රටට හඳුන්වලා දුන්නේ ප්‍රධාන වශයෙන්ම විදේශිකයින්. විදේශීය උපදේශකවරු. විදේශීය විද්‍යාඥයින්. වල් නාශක, කෘමි නාශක රසායනික පොහොර තමයි මේ රටේ කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා, අස්‌වැන්න වැඩි කර ගැනීම සඳහා, ජාතික ආර්ථිකය ශක්‌තිමත් කිරීම සඳහා, ගොවියා දුප්පත් කමින් බේරා ගැනීම සඳහා තිබෙන එකම විමුක්‌ති මාර්ගය විදියට මේ රසායනික ද්‍රව්‍ය විදේශීය උගතුන් එක්‌තරා කලෙක අපිට හඳුන්වලා දුන්නා. අපි ඒවා බොහෝම ආදරයෙන් වැළැඳ ගත්තා. අපි ඒවාට යටත් වුණා. අපි ඒවාට අසු වුණා. ලෝකයේ අපි වැනි රටවල් වලට රසායනික පොහොර, වල්නාශක කෘමි නාශක සහ අනෙකුත් මිනිසාට බොහෝ නොගැලපෙන දේ ස්‌වභාවධර්මය විනාශ කරන දේ ස්‌වභාව දහමට අභියෝග කරන දේ ලබාදුන් සංවර්ධනය වූ රටවල් වල විද්‍යාඥයින් ඔවුන් ආපසු හැරිලා බැලුවා තමන්ගේ රටට සිද්ධ වෙලා තියෙන්නේ කුමක්‌ද කියලා. ඒ නිසා ලෝකයේ නව තාක්‌ෂණය සමග මානව සමාජයේ ඉදිරියට වේගවත්ව යන විට සිය ඥාණය බුද්ධිය සහ දැනුම අත්දැකීම් සහ පරිණතභාවය ඒ උගතුන් සහ බුද්ධිමතුන් තම ජාතියේ යහපත සඳහා ගොඩනගන විට තමන්ගේ රට තිබෙන්නේ කොතැනද කියලා ආපසු හැරී බැලුවා. ඒ ආපසු හැරී බැලීමේ ප්‍රතිඵලය වුණේ තමාගේ රටට සුදුසු දේ නුසුදුසු දේ තෝරා බේරා ගෙන සුදුසු දේ පමණක් භාවිතය. අපිට වස විස හොඳයි කියලා උගන්නපු අය ඒ රටවල් වල විද්‍යාඥයින් අද සම්පූර්ණයෙන්ම තමන්ගේ තීන්දු තීරණ වෙනස් කරගෙන. ඒ රටවල්වල අද ආහාරවලට පාරිභෝජනය කරන කන බොන දේවලට ඒ අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඉවත් කරලා තිබෙනවා.
අපේ අසල්වැසි මිත්‍ර ඉන්දියාව දේශීය කෘෂි ආර්ථිකය අද සොයා බැලුවහොත් වේගවත් ලෙස ඒ පරිවර්තනය කරනවා. ආසියාවේ ඉහළම කෘෂි තාක්‌ෂණයවක් තිබෙන ජපානය අද මේ රසායනික ද්‍රව්‍ය වලින් ඉවත් වෙලා දැන් අවුරුදු ගණනාවක් වෙනවා. යුරෝපය ආහාර වලින් රසායනික ද්‍රව්‍ය ඉවත් කර ගෙන තිබෙනවා. අපි තවමත් අතීතයේ ශ්‍රී විභූතිය පිළිබඳව කතා කරනවා. අපිට හිමිවී තිබෙන්නේ අපිට උරුම වී තිබෙන්නේ වසර දහස් ගණනක අතීතයේ ශ්‍රී විභූතිය පිළිබඳව උදම් ඇනීම ද ඒ උදම් ඇනීම තුළ අද දවසේ කාර්යයට හෙට දවස අප විසින් සූදානම් කිරීම අප විසින් ඉටු කරනවාද කියන කාරණය අපේ සිත්වලට අපි ගන්නට ඕන. මහා පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරුවේ රජකම් කරන කාලයේ තමයි ඔබ දන්වා මේ රටේ ඒ කීර්තිමත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ කෘෂි ආර්ථිකය පිළිබඳ ඉහළම සමෘද්ධිය ලබා තිබුQණ ඓතිහාසික යුගය. ලෝකයේ වෙනත් රටවල් වලට සහල් ඇතුළු ආහාර අපේ රටින් අපනයනය කළා. එහෙත් අපි ඒ යුගයන් තුළින් එන්න එන්න අපේ ගමන් මග වෙනස් වුණා. අපි 505 ඉඳලා විදේශීය ආක්‍රමණවලට යටත් වෙලා අවුරුදු හාරසිය ගණනක් යටත් වෙලා සිටි ජාතියක් විදියට අපි බොහෝ විදේශිකයින්ගේ දේ වේගයෙන් වැළැඳ ගත්තා. විදේශිකයින්ගේ බොහෝ දෙවල් වලට ආදරය කළා. විදේශිකයන්ගේ අපිට දුන් අපිට බොහෝ නොගැලපෙන දේට අපි ආදරය කරන්න පටන් ගත්තා. අපි අද ඉන්නේ කොතැනද?
මේ කාර්යය අවුරුදු සියයකට වඩා මේ රසායනික පොහොර භාවිතා කරපු මේ රටේ ගොවි ජනතාවට මේ රටේ මේ ක්‌ෂේත්‍රයේ ඉන්න නිලධාරි මහත්ම මහත්මීන්ට දේශපාලනඥයින්ට අලුත් අත්දැකීමක්. අපි දන්නවා මේක පහසු නැහැ මේක අනිත් පැත්තට හරවන එක. මේක අභියෝගයක්. මෙය පහසු කාර්යයක් නොවෙයි. ඇයි ඒත් අවුරුදු සියයකට වැඩිය පුරුදු වුණු දෙයක්. පරම්පරා තුන හතරක් පුරුදු වුණ දෙයක්. පහසුවට සහනයට අඩුවෙන් මහන්සියට ළ`ග සතුටට පුරුදු වුණු දෙයක්. බොහෝම සරල ලෙස ඉගැන්නුවේ රසායනික පොහොර ගැන කියන විට මුල්කාලේ අපේ උපදේශකවරු අස්‌වැන්න වැඩි කර ගන්න රසායනික පොහොර පාවිච්චි කරන්න කියලා. අපේ හැමදාම කඳුළු හෙළන දුක්‌විඳින දහඩිය හෙළන රට වෙනුවෙන් මහා කැපවීමක් සිය ජීවිත කාලය තුළ කරමින් එහෙත් කිසිදා සැපක් නොලබන ගොවියා ඒ උපදේශවලට අවනත වුණා. ඒ උපදේශ වැළඳ ගත්තා. එය භාවිතා කළා. අපි බොහෝ වැරදි මගක ගියා. අපටා අපසු හැරෙන්න අමාරුවක් තිබෙන බව ඇත්ත. එහෙත් ගමන වැරදියි කියලා තේරුණා නම් අපි අපහසුවෙන් හෝ ආපසු හැරිය යුතු වෙනවා. මේ පුළුල් ජාතික වැඩසටහනේ අරමුණ එයයි. මා විශ්වාස කරනවා එය පවිත්‍ර ලෙස නිර්මල ලෙස අවංක ලෙස ඔබ අප සෑම කෙනෙක්‌ම කැපවීමෙන් ඒ කාර්යය ඉටු කරනු ඇතැයි කියලා. මෙතන සිටින කෘෂි අමාත්‍යාංශයට අයිති සියලු නිලධාරි මහත්ම මහත්මීන් මාණ්‌ඩලික ක්‌ෂේත්‍ර සෑම කෙනෙක්‌ම මම කෘෂිකර්ම ඇමැතිවරයා විදියට ඔබ සමඟ අවුරුදු 05 කට වැඩි කාලයක් වැඩ කරලා තිබෙනවා. “අපි වවමු රට නගමු” වැඩසටහනේ එදා ඉහළ ප්‍රතිඵල ගන්න ඔබ විශාල කැපවීමක් කළා. ඔබ ඉහළම ප්‍රතිඵල පෙන්නුවා.
අපි ආපසු හැරී බැලුවොත් සෑම ආණ්‌ඩුවක්‌ම ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, ප්‍රේමදාස ජනාධිපතිතුමා, චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිණිය, මහින්ද රාජපක්‌ෂ මැතිතුමා මේ සෑම ආණ්‌ඩුවක්‌ම ගොවියාට දුන්නු සහනත් එක්‌ක ගොවි ආර්ථීකය කොතෙන් දුරට ගොඩනැගිලා තිබෙනවාද? ශක්‌තිමත් වෙලා තිබෙනවාද? ගොවියා ණය බරින් නිදහස් වෙලා තිබෙනවාද අංක එකේ ප්‍රශ්නෙ එතන. මේ පරිවර්තනය කරන්න, මේ වෙනස කරන්න ඊයේ පෙරේදා යෝජනා කරපුවහම අපේ ඉතාම අවිහිංසාවාදී ගොවි පිරිස් ඇතැම් අයගේ තිබෙන විශේෂයෙන්ම දේශපාලන අංශවල උපදෙස් මත පසුගිය දවස්‌වල පාරට බැහැලා ඒ කරන සටන්වලදි ඒ අයගේ හඬ එන්නේ කොතනින්ද ඒ හඬ එන්නේ ආර්ථීකය පිළිබඳව. 350 ට පොහොර දියව්. එතන තියෙන්නේ කුමක්‌ද? ගොවියාගේ නැති බැරිකම පිළිබඳ වහන එක. එහෙම නම් නිදහසෙන් පසු ලංකාවේ අවුරුදු 65 කට වැඩිය සෑම ආණ්‌ඩුවක්‌ම ගොවියාට දුන්නු සහනත් එක්‌ක වරප්‍රසාදත් එක්‌ක ගොවියා ණය බරින් නිදහස් වෙලා නැත්නම් ගොවියාගේ ආර්ථිකය කඩා හැලිලා නම් අද මේ රටේ ඕන ගොවිජනපද ව්‍යාපාරයකට ගිහිල්ලා සමීක්‌ෂණයක් කෙරුවොත් එක ව්‍යාපාරයක ඉන්න ගොවීන් සීයක් අරගෙන කී දෙනෙක් බැංකු වලට ණයයි ද කී දෙනෙක් කුඹුර උගස් තියලද කී දෙනෙක් කුඹුර බදු දීලද කී දෙනෙක් කුඹුර සින්නක්‌කර විකුණල ද මට වඩා මෙතන ඉන්න කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි මහත්මීන් දන්නවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒකයි ඇත්ත තත්ත්වය. එහෙම නම් අපි නිවැරදි දේ සොයා යනවද අසීරු අමාරු දේ වුවත් අපිට අමිහිරි දේ වුවත් තාවකාලිකව අපි ජාතියේ යහපත සඳහා රටේ යහපත සඳහා ගොවි ජනතාව ප්‍රමුඛ සමස්‌ත ජනතාවගේ නිරෝගී බව සඳහා මේ රට ගොඩනගන්න මේ වැඩපිළිවෙළට අපි දායක වෙනවා. මේ ගැන කිසිවෙකුටත් කිසිදු විවාදයක් හෝ සංවාදයක් හෝ තර්කයක් නැහැ. මේ කාරණයේදි සියලු දෙනා එක පැත්තේ. මේ කාරණා දෙපැත්තක් වෙන්න බැහැ. දෙපැත්තකට කරුණු නැහැ. මේක පාසලක දරුවන්ගේ විවාදයක් නොවෙයි. මේක උගතුන්ගේ බුද්ධිමතුන්ගේ විද්වතුන්ගේ රටට ආදරය කරන ජාතියේ අනාගතය යහපත බලාපොරොත්තු වෙන සෑම කෙනෙකුගේම පරම පවිත්‍ර වූ ෙච්තනාවක් මේ වැඩපිළිවෙල.