Colombo Today Local News

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂ‍යේ හර්ෂට

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට අද (7)දින පත් කරනු ලැබීය.

හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත් කරන්නැයි ඒ කමිටුවට යෝජනා කරනු ලැබූවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව එම යෝජනාවට කාරක සභාවට සහභාගි වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හිමිවිය.

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය මාස 5කට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී පැවතිණ.

මෙතෙක් එම කමිටුවේ වැඩ කටයුතු මෙහෙයවනු ලැබුවේ කමිටුව තෝරා පත්කරගත් තාවකාලික සභාපතිවරුන් විසිනි.

එම සභාපති ධූරය හර්ෂ ද සිල්වා මහතාට ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් පසුගිය කාලයේදී දිගින් දිගටම ඉල්ලා සිටියත් ඔහුට එය හිමිවූයේ නැත.

හර්ෂ ද සිල්වා මහතා නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හෙබවීය.

පාර්ලිමේන්තුවේ ඉතා වැදගත්ම කාරක සභාවක් ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව සැලකේ. මූල්‍ය පාලන බලතල අධීක්ෂණය කිරීමේ කටයුතු එම කාරක සභාවට පැවැරී ඇත.

Related posts

ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

Admin

නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි

colombotoday

යුද හමුදා උපකරණ සමග බේරුවලදී 15ක් අත්අඩංගුවට…

colombotoday

ඇවන්ඩ්ගාඩ් ලොක්කා ඩුබායි යයි. රටින් යද්දී පරිගණක දත්ත පද්ධතිය,කැමරා පද්ධතිය අවුල් සහගත වෙලා

colombotoday

විජේදාස කියූ දේ හරියයි..! ‘ඊ නිව්ස්‘සඳරුවන් අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක්

colombotoday

LTTE එක ගේන එකයි අපේ එකම අරමුණ – විජයකලා මහේෂ්වරන් : Video

colombotoday