Colombo Today Local News

වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල විදේශ සංචාරය අතරතුර මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ඉටු කිරීම සඳහා, වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා දිවුරුම් දී තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලද පත් කිරීමට අනුවය.

මෙම පත් කිරීමට අදාළ අක්ත පත්‍රය ජනාධිපතිතුමන් විසින් ෛඊයේ(03) දින රාජ්‍ය අමාත්‍යවරයා වෙත නිල වශයෙන් ලබා දෙන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 50 වැනි ව්‍යවස්ථාවෙන් ගරු ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කොට තිබේ.

ඒ අනුව, ජනාධිපතිතුමාගේ විදේශීය සංචාරයෙන් පසුව දිවයිනට පැමිණෙන තෙක්, 2023-05-04 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් සිදු කරනු ලබයි.

Related posts

රංගේ බංඩාරගේ පුතාට අයත් මෝටර් රථයක් අනතුරට

colombotoday

කොටි සැමරුම් තහනම් – යාපනය අධිකරණයෙනුත් නියෝගයක්

colombotoday

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday

නව මුදල් ඇමති බන්දුල ?

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙලගැසූ අටළුගම මුස්ලිම් ජාතිකයාට බරපතල වැඩ සහිත වසර 06ක සිරදඬුවම්.

colombotoday

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි !

colombotoday