Colombo Today Local News

මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නැහැ – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14)දින පැවසීය.

නමුත් රටේ පවතින මුදල් තත්වය පිළිබඳ භාණ්ඩාගාර ලේකම්වරයා අධිකරණයටත් කරුණු ඉදිරිපත් කර ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මීට පෙර පැවති රජයන් මුදල් වියදම් කර තිබෙන්නේ විදෙස් ණය ගැනීමෙන් හා මුදල් අච්චුගැසීමෙන් වුවත්, පවතින තත්වය අනුව වත්මන් රජයට එසේ කිරීමේ හැකියාවක් නැතැයි ද ඇමතිවරයා පැවසීය.

Related posts

දේශපාලන හිතවතුන් වුවත්, නිර්දේශ කරන්න ඇමතිට බලයක් තිබෙනවා.. අමුතු ලිපිය ගැන කිරිඇල්ල පහදයි

colombotoday

රට පුරා වරින් වර විදුලිය බිද වැටෙයි… නොදන්වාම කප්පාදුවක්…

colombotoday

දේශපාලනය උඩු යටිකුරු වෙයි… මහින්ද නැවතත් ජනපතිවරණයට !!

colombotoday

ලංකාව ISIS මධ්‍යස්ථානයක්.. ඇමරිකාව අනතුරු අගවයි ! මුස්ලිම් සංක්‍රමණික තහනමකට උපදෙස්

colombotoday

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

රාජිත සේනාරත්න හැංගිලා

colombotoday