Colombo Today Local News

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම්

දිස්ත්‍රික්ක දොළහක් සඳහා පළාත් පාලන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මේ වන විට සැලසුම් කර අවසන් යැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රධාන පුවත් පතකට පවසා තිබේ.

ඡන්ද විමසීම සඳහා වන මුද්‍රණ කටයුතුවලට අවශ්‍ය කඩදාසි ප්‍රමාණවත් තරම් මුද්‍රණාලය සතුව පවතින බව සඳහන් කර ඇති මුද්‍රණාලයාධිපතිනිය දිස්ත්‍රික්ක විසිපහට ම අවශ්‍ය දැන්වීම් මුද්‍රණය කිරීමට සූදානමින් පවතින බව ද පැවසූ බව සදහන් ය.

පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සිදුව ඇතැයි ද මුද්‍රණාලයාධිපතිනිය මේ වන විට ඡන්ද පත්‍රිකාවල සෝදුපත් බැලීම සිදු කෙරෙමින් පවතින බව ද සඳහන් ය.

පළාත් පාලන ආයතන 339 සඳහා තරග කරන අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තු රජයේ මුද්‍රණාලය වෙත ලැබෙමින් පවතින බව සඳහන් කළ මුද්‍රණාලයාධිපතිනිය එම සියලු ම ලැයිස්තු ලැබුණු පසු අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කෙරෙන බව ද සදහන් කර ඇත.

ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතුවල යෙදෙන කාර්ය මණ්ඩලයට අතිකාල ගෙවීම සඳහා ප්‍රමාණවත් මුදල් මුද්‍රණාලය සතුව ඇතැයි ද ඇය වැඩි දුරටත් පැවසූ බව සදහන් ය.

Related posts

“ඉන්ධන මිල සහනාධාර නොලැබුනොත් මිල වැඩි කරන්න සිදුවෙනවා..”

colombotoday

ඉන්දියානු ඉල්ලීමට හිස නැවෙයි.. තමිල්නාඩු මාලු හොරු 73ක් නිදහස් කරයි !

colombotoday

වාහන අවභාවිතා ගැන ලිඛිත සාක්ෂි තිබියදී ඇමති ලසන්ත, මන්ත්‍රී ආශු තවම නිදැල්ලේ

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයෙන් සිටි රියාජ් බදියුදීන් මුදාහැරේ

colombotoday

උප පොලිස් පරීක්ෂකවරයෙක් ගිනිඅවියෙන් වෙඩිතබා ගනී

Admin

ජනවාරියේ විපක්ෂ මන්ත්‍රීන් 10ක් එජාපයට.. කෙහෙළියත් ඒ අතර – හැරිසන් කියයි (Video)

colombotoday