Colombo Today Local News

ශ්‍රී ලංකා – තායිලන්ත වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අදින් ඇරඹෙයි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අද(09)දින කොළඹදී ආරම්භ වෙයි.

එහිදී භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව යන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ සඳහා සහභාගිවීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩායමක් ඊයේ(8)දින දිවයිනට පැමිණියේ ය.

තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමට නියෝජිතයන් 26 දෙනෙකු ඇතුළත් ය.

සාකච්ඡාවට ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවේ සාමාජිකයින් ද සහභාගී වෙයි.

ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන කටයුතු දෙපාර්තමේන්තුව හා වාණිජ දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන් ද ඊට ඇතුළත් ය.

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම 2024 පළමු කාර්තුවේදී ක්‍රියාත්මක කිරීම, රජයේ අපේක්ෂාවයි.

Related posts

මල් වඩම් අනවශ්‍යයි… ශ්‍රීලනිපය සමාදානයෙන් සැතපේවා…

colombotoday

බන්ධනාගාර වෛද්‍යවරයාට තර්ජනය කල රිෂාඩ් දුරකතනයකින් කතා කරමින් සිටියදී මාට්ටු.

colombotoday

පොදු සතුරා කවුද? තනිව ගියොත් වෙන්නෙ මොනවාද? මහින්ද හෙළි කරයි

colombotoday

අයවැයට පෙර මුදල් ඇමති IMF ලොක්කෝ හමුවෙති… හිම කුණාටුවලින් බාධා….

colombotoday

“සුද­ර්ශනී පැණිය” දේශීය ඖෂධ නිෂ්පා­ද­න­යක් | රාජ්‍ය ඇමැති චන්න ජය­සු­මන

colombotoday

ඉදිරි මාස හතරේදී රුපියල තවත් කඩා වැටෙයි – මුදල් ඇමති

colombotoday