Colombo Today Local News

වසර දෙකක් දැරියක් දුෂණය කල සිද්ධියට එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී දැරියක් වසර දෙකක් තිස්සේ දූෂණය කල බව කියන දෙමළ ජාතික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ(3)දින පේදුරුතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ දැරිය මුලින්ම දූෂණය කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනා එම දර්ශන වීඩියෝ කොට පසුව ඒවා දැරියට පෙන්වමින් වසර දෙකක් තිස්සේම එම දැරියව පොලිස් කොස්තාපල්වරු දෙදෙනා විසින් දූෂණය කොට තිබෙන බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

පේදුරුතුඩුව පොලීසියේ රථවාහන අංශයට අනියුක්තව සේවය කරණ මෙම දෙමළ ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් අදාල දැරිය වෛද්‍යවරයෙකු හමුවේ ප්‍රකාශ කොට සිටීමට සිදු වීමෙන් පසුව පොලීසියට ඒ සම්බන්ධයෙන් පැමිණිලිද ලැබී තිබේ.

වයස අවුරුදු 16 දී මෙම දැරිය දූෂණය කිරීමට පටන් ගෙන ඇති අතර ඇය දැනට වයස අවුරුදු 18 පසුවෙයි.

ඇය හදිසියේම ක්ලාන්ත වී රෝහල් ගත කිරීමෙන් පසුව ඇය දැඩි මානසික කම්පනයකින් පසුවන බව වෛද්‍යවරයා තීරණය කිරීමෙන් පසුව ඇගෙන් සිදුකළ තොරතුරු විමසීමේදී එම දැරිය සියලු විස්තර වෛද්‍යවරයාට ප්‍රකාශ කොට ඇත.

එසේ හෙළි වූ තොරතුරු පවුලේ ඥාතීන්ටද දැන ගැනීමට ලැබීමෙන් පසුව මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට ඇත.

පොලීසිය සිදු කළ මූලික පරීක්ෂණ වලදී දැරිය මුල් වරට දූෂණය කළ අවස්ථාවේ ගත් වීඩියෝ පටය එක් පොලිස් නිලධාරියෙකු ළග තිබී හමු වී ඇති අතර එම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ලබා ගත් රැදවුම් නියෝගයක් මත ඔහුව රදවා ගෙන ප්‍රශ්න කරගෙන යනු ලබන බවයි සඳහන් වන්නේ.

යාපනය සහ පේදුරුතුඩුව පොලිසි මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Related posts

මගේ ජාතික නායකයා ප්‍රභාකරන් පමණයි

colombotoday

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල විෂයන් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්.

colombotoday

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගත කල උලමාට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරිමට පියවර

colombotoday

යුද අපරාධ ලැයිස්තුවේ නම් 48ක් තිබූ බව ඇමැති රාජිත පිළිගනී.

colombotoday

විපක්ෂයේ සහ මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපයට එරෙහිව මහින්දගෙන් සැර නිවේදනයක්

colombotoday

අලුත් ව්‍යවස්ථාව රටට මහ විනාශයක් !.. – ගැටඹේ නාහිමි

colombotoday