Colombo Today Local News

ඉන්ධන ගබඩා කරන්න කොළඹ වරායේ ඉඩම් කැබැලි හතරක් ආයෝජකයකුට

නැව්වලට සහ ගුවන් යානාවලට සැපයීම සඳහා ඉන්ධන ගබඩා කිරීමට ( bunkering fuel) කොළඹ වරායේ වටිනා ඉඩම් කැබැලි හතරක් ආයෝජකයකුට ලබාදීමට කටයුතු කරගෙන යන බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

මින් එක් ඉඩම් කොටසක් ලබා දෙනු ලබන්නේ ගුවන්යානා ඉන්ධන( aviation fuel ) ගබඩා කිරීම සඳහා බවත් මේ කටයුතු සඳහා දැනටමත් අභිලාෂ කැඳවා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.

රටක් දියුණු කිරීම සඳහා මෙවැනි ආයෝජන අත්‍යවශ්‍ය බවත් පසුගිය කාලයේ ඇතිවූ අරගල හේතුවෙන් නැව් දාහතක් හැරී ගිය බවත් ඔහු කීය.

මේ අතර ත්‍රිකුණාමල වරාය වෙළෙඳ වරායක් ලෙස දියුණු කිරීමට කටයුතු කරගෙන යන බවත් අගය එකතු කරන ලද ඉල්මනයිට් ආනයනය කිරීම සඳහා ත්‍රිකුණාමල වරාය යොදාගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

කොළඹ වරාය විකිණීමට සිහිනෙකින්වත් නොසිතන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ඉන්න බැරිනම් යනු.. අපි ආණ්ඩුව කරගන්නම්.. මයන්ත ශ්‍රීලනිප ඇමතිලාට කියයි

colombotoday

ඛනිජ තෙල් සේවකයින් බාධා කළොත් සේවයෙන් ඉවත්කරන්න – ඇමති කංචන කියයි

Admin

නැගෙනහිර සිංහලයන්ට සිදුවූ ඓතිහාසික අසාධාරණය….

colombotoday

ETCA හරහා අපේ ආර්ථික දේහයම ඉන්දියාව ගිලගන්නවා.. රහසිගත කෙටුම්පතක් දයාන්ගෙන් එළියට

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයක

colombotoday

ඒකීය ලේබලය ඇලවූ රට බෙදන ව්‍යවස්ථාවක් – මහින්ද රාජපක්ෂ

colombotoday