Colombo Today Local News

කැසිනෝ ව්‍යාපාර නියාමන පනත දැඩි කොන්දේසි මත සම්මත කරයි

කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත දැඩි කොන්දේසි මත සම්මත කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද (08)දින පාර්ලිමේන්තුවේ දී මේ ගැන අදහස් දක්වමින් මේ බව පැවසීය.

කැසිනෝ නියාමන ආයතනයක් පිහිටුවන බවට මුදල් අමාත්‍යාංශ්‍ය ලබාදුන් පොරොන්දුව අනුව අදාළ අනුමැතිය ලබාදුන් බව ඔහු එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“අපි මෙය දැඩි කොන්දේසි මත සම්මත කළා. ඒ කොන්දේසි තමයි කලින් කිව්වා නියාමන ආයතනයක් නැතුව කැසිනෝවලට ලයිසන් දෙන්න තමා මේක ගෙනාවේ. අපි ඒකට දැඩිව විරුද්ධයි. ඊට පස්සේ අපි කිව්වා, අපි මේක දෙන්නනම්, නියාමන අධිකාරියක් කවද්ද පිහිටුවන්නේ, කවුද ඒකට වගකියන්නේ, මොනවද ඒකට තියෙන වගකීම් කියලා අපිව දැනුවත් කරන්න කියලා. ඔවුන් කිව්වා 24 අවසන් වෙනකල් ඕන කියලා. අපි ඒක ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා අපේ කාරක සභාව 2023.09.30 වනදා වෙනවිට මේ රටේ කැසිනෝ නියාමනය කිරීම සඳහා ආයතනයක් නිර්මාණය කරනවා කියලා දුන් පොරොන්දුව මත රජයේ අවශ්‍යතාවය මත මේ අනුමැතිය දීලා තියෙනවා. හැබැයි කථානායකතුමනි, මම ඒක සභාගත කරනවා. අපි අත්සන් කරලා අරගෙන තියෙනවා. අපි දිගින් දිගම මොවුන්ව නිරීක්ෂණය කරලා බලනවා. මේ අය මේක කරනවා ද කියලා. මේ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු වෙන්න ඕනේ. ව්‍යවස්ථාවේ 148 යටතේ පාර්ලිමේන්තුවට තමා බලය තියෙන්නේ, ඒ බලය අනුව අපි ඔවුන්ගෙන් අත්සන් සහිතව ලේඛනයක් ලබාගෙන තියෙනවා. ඒක ක්‍රියාත්මක වියයුතුමයි.”

Related posts

එජාප වැඩ බලන මහ ලේකම් ධුරයට හිටපු විපක්ෂ නායකයෙක්

colombotoday

Video – ඥානසාර හාමුදුරුවෝ පංසලේ ලීබඩු හමුදාවට දීලා බිම නිදාගත්ත හැටි

colombotoday

තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලිවෙයි

colombotoday

මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිටත් කොවිඩ්

colombotoday

ඇමති ජෝන්ගේ කියන රති කෙළිය ෆේස්බුක් දැමූ අයට වැඩ වරදී… CIDට අත්අඩංගුවට ?

colombotoday

ඉතියෝපියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

colombotoday