Colombo Today Local News

මාස 10ට සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක්

ගත වූ මාස 10 තුළ සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක් වාර්තා වී ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි.

ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර සංසදයට මෙම සිද්ධි වාර්තා වී ඇතැයි ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් සහ ළමයින් හිංසනයට පත්කිරීමේ සිදුවීම් වාර්තා වී ඇති අතර මෙවැනි සිද්ධි පිළිබඳව මවුපියන් හා තොරතුරු තාක්ෂණ අංශයේ ගුරුවරුන් ද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙරට ආර්ථීකය නගා සිටුවීමට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය උපයෝගි කර ගැනීමට ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බව ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

ජාතික තරුණ සේවා සභාවේ බටන්ගල පුහුණු මධ්‍යස්ථානයේදී තරුණ තරුණියන් 200ක් සඳහා තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හා කාර්මික ක්ෂේත්‍රයේ පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට නියමිත බව ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (1)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

Related posts

කුසල් වෙනුවෙන් ගීතා සටනට

colombotoday

යළිත් විදුලි කප්පාදුවක් ගැන වෘත්තීය සමිතිවලින් අනතුරු අඟවයි

colombotoday

ඇති තරම් වී තිබියදී රටින් හාල් ගෙන්වන්න සැලසුමක්.. සුපිරි ගැහිල්ලකට සැරසේ !

colombotoday

පොහොට්ටුවෙන් විමල් පිලට කෝට්ටේදී කැපිල්ලක් !

colombotoday

ශ‍්‍රී පාදයේ නම වෙනස් කිරීමට ප්‍රාදේශීය සභාවට බලයක් නෑ.. වහාම ඉවත් කිරීමට ආණ්ඩුකාරවරයාගෙන් නියෝග

colombotoday

පාසල් යන මුවාවෙන් සිසුන්, දෙමාපියන් SPA වල

colombotoday