Colombo Today Local News

ඩයනා ගමගේට නොතීසි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (26)දින නියෝග කර තිබේ.

ඒ අනුව, ඇය ඇතුළු වගඋත්තරකරුවන්ට ඒ සම්බන්ධයෙන් දෙසැම්බර් මස 12 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය නොතීසි ද නිකුත් කර ඇත.

ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කරමින් අධිකරණය සඳහන් කර ඇත්තේ, වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

Related posts

C4 වර්ගයේ පුපුරන ද්‍රවය කිලෝ එකක් වැල්ලවත්තේදී අත්අඩංගුවට

colombotoday

පෞද්ගලික අංශයෙත් පඩි වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි

Admin

සිංහල නම් ගන්න වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුස්ලිම් ජාතිකයන් පෝළිමක්…

colombotoday

අය වැය දෙවනවර කියවීමේ විවාදය අද සිට ඇරඹේ

Admin

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතය දක්වා වර්ධනය වෙයි

colombotoday

කෝටි 532ක ආදායම් බදු පැහැර හැරි අර්ජුන් ඇලෝෂියස් ඇප මත මුදා හරී

colombotoday