Colombo Today Local News

සහන මිලට දෙනවනම් රුසියාවෙන් බොරතෙල් ගන්න සූදානම් – අලි සබ්රි

ජාත්‍යන්තර ආචාර ධර්ම සහ නීති උල්ලංඝනය නොකර සහන මිලට රුසියානු බොරතෙල් මිලදී ගැනීමට හැකියාව තිබේනම් ශ්‍රී ලංකාව ඒ සඳහා කටයුතු කිරීමට සුදානම් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා වියෝන් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාකදී ප්‍රකාශ කළේය.

රුසියාව සහන මිලට බොරතෙල් ලබා දීම අනෙක් රටවලට ප්‍රශ්නයක් නොවන බවත් රුසියානු බොරතෙල් වෙළඳපොලෙන් ඉවත් කිරීමට කිසිම රටකට අවශ්‍ය නොවන බවත් එහිදී සබ්රි මහතා පැවසුවේය.

පෙට්‍රෝලියම් නිෂ්පාදන, බොරතෙල්, ගල් අඟුරු, ධාන්‍ය වර්ග සහ පොහොර වල මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් ලෝක වෙළඳපොලේ තෙල් මිල ශ්‍රී ලංකාවට දැරිය නොහැකි බවත් සබ්රි මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවෙන් සියයට 30ක් කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා වල නියුතු වන බව ඔහු ප්‍රකාශ කළේය.

රුසියානු බොරතෙල් වෙළඳපොලෙන් ඉවත් කළහොත් බොරතෙල් මිල ඉහළ යා හැකි බව සබ්රි මහතා පැවසුවේය.

Related posts

අධිකරණ නියෝග නොතකා LTTE සැමරුම් පැවැත්වූ පූජකවරයෙක් අත්අඩංගුවට

colombotoday

මෝල් හිමියන්ට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

Admin

සිරස කෙලින් කරන්න ආ මරික්කාර් හොම්බෙන් යයි.. රේටින් වලින් පහළටම ඇද වැටේ !

colombotoday

පස් දිනක් ඇතුළත 4600ක් ත්‍රවිධ හමුදාවෙන් ඉවත්වෙලා !

colombotoday

අද පෙරවරුවේ පැය 4ක් රට පුරා දොස්තරලා ලෙඩ

colombotoday

ඇමති අකිලගේ ගෝලයෝ මිහින්තලේ පුරාවිද්‍යා රක්ෂිතයේ වැඩ

colombotoday