Colombo Today Local News

අද පෙරවරුවේ පැය 4ක් රට පුරා දොස්තරලා ලෙඩ

acIWeDOtvhLHzQw-1600x900-noPad

රට පුරා රෝහල්වල වෛද්‍යවරු අද (31 දා) වැඩ වර්ජනයක නිරත වෙති.

මෙම වර්ජනය සංකේතමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ ලෙස අද පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්‌වා ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා ප්‍රකාශ කළේය.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්‌තුවට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අත්තනෝමතික ලෙස බලපෑම් කිරීමට විරෝධය දක්‌වමින් වෛද්‍යවරුන් මෙසේ අද වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව වෛද්‍ය හේරත් මහතා කීවේය.

හදිසි ආපදා තත්ත්වයට ලක්‌වූ කොළඹ ගම්පහ සහ කෑගල්ල යන දිස්‌ත්‍රික්‌කවල මෙම වෛද්‍ය වැඩ වර්ජනය ක්‍රියාත්මක නොකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම මාතෘ හා ළමා රෝහල්, පිළිකායතන සහ වකුගඩු ප්‍රතිකාර ආයතනවල ද වෛද්‍ය වර්ජනයක්‌ සිදු නොකරන බව වෛද්‍ය නලින්ද හේරත් මහතා කීවේය.

අදාළ ගැටුමට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දීප ව්‍යාප්තව ආරම්භ කරන බව ද අද පවත්වන වර්ජනය ඊට සංකේතයක්‌ පමණක්‌ බව ද වෛද්‍ය හේරත් මහතා වැඩිදුරටත් පැවසිය.

Related posts

රතන හිමි සමග ජාතික සංවිධාන රැසක් ගෝඨාභයගේ සහයට !

colombotoday

එක එක්කෙනා කියන දේවල් කරන්න ලෑස්ති නෑ.. මගේ පැතුම බැසිල් – ඒකාබද්ධයේ විමලවීර

colombotoday

ජනපති නිල මෙහෙවර ගාල්ලට… විවාහ නොවූ පවුල් 49ක් ලියාපදිංචි කෙරේ

colombotoday

කූඨ ලේඛණ හැදුවා කියා තිස්ස අත්තනායක නැවතත් රිමාන්ඩ් !

colombotoday

කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවටත්.

colombotoday

සියළු රොහින්ග්‍යා ත්‍රස්තයන් පන්නා දමයි.. මුස්ලිම් ගම්මානවලින් 40% ක් හමුදාව යටතට !

colombotoday