Colombo Today Local News

අඹ ගෙඩියක් කෑ ගැබිනි මවක් මියගිහින්

දෙමස් ගැබිනි මවක් අඹ ගෙඩියක් ආහාරයට ගෙන විනාඩි කිහිපයකින් මරණයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධව ගම්පොළ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ, දැල්පිටිය, ගඟසිරිගම පදිංචි යාපා මුදියන්සේලාගේ චාමනී කුමාරි නමැති 33 හැවිරිදි ගැබිනි කාන්තාවකි. ඇයට දස හැවිරිදි පිරිමි දරුවකුද වේ. විදේශගතව සිටි ඇය මෙරටට පැමිණ ඇත්තේ මීට මාස හයකට පමණ පෙරදීය.

මරණය පිළිබඳ පරීක්ෂණය ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක විසින් පැවැත්වූ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇගේ සැමියා සහ සහෝදරියක් ගිනිගත්හේන ප්‍රදේශයෙන් මිලදී ගත් අඹ ගෙඩියක් ඇය ආහාරයට ගැනීමෙන් පසු ඇයට සිහිසුන්වී ඇති බවය.

අනතුරුව ඇය 1990 සුව සැරිය ගිලන් රථයකින් රෝහලට රැගෙන ගොස් ඇත. රෝහලට ඇතුළත් කරන විටදීද ඇය මියගොස් සිටි බව අනාවරණය වී තිබේ.

මෙය ප්‍රශ්නගත මරණයක් නිසා ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී සිදු කර ඇති අතර එහිදී මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ආර්. එම්. එස්. බී. ගුණසේකර සඳහන් කර ඇත්තේ පැලෝපීය නාළය තුළ වර්ධනය වී තිබූ කලලය පුපුරා යෑමෙන් මෙම මරණය සිදුව ඇති බවය.

Related posts

රංජන් නිදහස් කර ගන්න සාකච්ඡා

colombotoday

රනිල් වෙඩි නොවදින රථයක්, පොලිසියේ 200ක්, හමුදාවේ 17ක් සමග තවත් වරප්‍රසාද ඉල්ලයි

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයේ” 6ක් ආණ්ඩුවට.. ඇමති ධුරත් සූදානම්!

colombotoday

රන්ජන් රාමනයක දිගටම මන්ත්‍රීවරයෙක් ? Video

colombotoday

මහනුවර තදබදය අඩු කරන අලුත් සැලසුමට කිරිඇල්ලගේ ගෝලයෝ අකුළු හෙළති…. පාර වසා කෘතිම තදබදයක් ඇතිකර සැලසුම කඩාකප්පල් කරන්න හදයි…

colombotoday

Video: මස්සැන්නේ විජිත හිමි පැහැරගැනීමට උත්සාහ ගත් නාරං සම්පත් සොයා සිදුවූ මෙහෙයුම

colombotoday