Colombo Today Local News

රජයට පාඩු කළ චෝදනාවට ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල් වැයකොට දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට වත්මන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ එම සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ, හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට අද (22)දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට නඩුව අවසන් වනතුරු විදේශගත වීම වළක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් විදෙස් ගමන් තහනමක් ද ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත් කර ඇත.

ඉන් පසුව එක් එක් විත්තිකරුවන් රුපියල් 20,000 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ද නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කර ඇත.

කෙසේ වෙතත් විත්තිකාර අමාත්‍යවරයාට රාජකාරි කටයුතු සඳහා විදේශගතවීමට අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයෙන් ඉල්ලීම් කළහොත් සලකා බැලීමට සූදානම් බවත් විනිසුරුවරයා සඳහන් කර ඇත.

අනතුරුව නඩුව පූර්ව නඩු විභාගය සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 01 වනදා කැඳවන ලෙසත් නියම කර තිබේ.

Related posts

‘සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක්’

colombotoday

ප්‍රභාකරන්ගේ මස්සිනා, සිවාජිලිංගම්ගේ අණට CID ය නැවෙයි !

colombotoday

මඩවල කැටවල අරාබි පාසල විවෘත කිරීම තාවකාලිකව නතර කෙරේ

colombotoday

පාස්කු වාර්තාව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන ප්‍රකාශනයක් | අස්ගිරි සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියෝ කියති.

colombotoday

මිහින්තලේ ප්‍රා. සභාවේ විපක්ෂනායක නිසාර්ට සජබ ඉන්දිකගෙන් කනේ පහරක්.

colombotoday

ගෝඨාභය හිරේ දමන්න රාජපක්ෂ පවුලේ කුමන්ත්‍රණයක්.. ගෝඨාභය රටින් පිට වෙයි (Video)

colombotoday