Colombo Today Local News

නුගේගොඩ ගණිකාවියො තිදෙනකු අත්අඩංගුවට

නුගේගොඩ හතේ කනුව ප්‍රදේශයේ තැරැව්කරුවන් යොදාගෙන කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා කාන්තාවන් තිදෙනකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.

ගණිකාවන්ගේ පහස ලැබීමට යෞවන තරුණයන් යොමු වී ඇති බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි උදය කුමාරට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇත්තෙ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ජනිත කුමාර විසිනි.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව එම ස්ථානය වටා සිදු කළ පරික්ෂාවේදී ගණිකා සේවයේ යෙදීම සඳහා එහි රැඳී සිටි වැල්ලම්පිටිය, දෙමටගොඩ හා පාදුක්ක ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 සහ 45 අතර පසුවන කාන්තාවන් තිදෙනකු හා ඔවුන්ව විවිධ පුද්ගලයන්ට මුදලට විකුණු කළමනාකරු ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් කළමනාකරු කළුතර නාගොඩ පදිංචිකරුවෙකි.

පෞද්ගලික ආයතන වල රැකියාවල නිරත වන බව නිවැසියන්ට පවසා මෙම කාන්තාවන් පැමිණ තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් සහ සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ත්‍රස්ත සංවිධානයකට අයත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

colombotoday

කැනඩාවේ ලාංකික බෞද්ධ විහාරස්ථානයක බුදු පිළිමය කඩා දමයි…

colombotoday

හෙරොයින් කිලෝ 15කට අධික ප්‍රමාණයක් සමඟ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට

colombotoday

ETCA තීන්දුයි.. සියළු වෘත්තිකයන් සමග රජයේ දොස්තර සංගමය මහ සටනකට සැරසෙයි

colombotoday

“හිටපු ජනපති මහින්ද නමිනුත් උදාගමක් නම් කරනවා” – සජිත්

colombotoday

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ගහලා

colombotoday