Colombo Today Local News

එක්ටා සහ අගමැති රනිල් හරහා එලියට එන්නේ ඉන්දියාවේ දේශපාලන උවමනාවයි! – ජවිපෙ

india ecta jvp

ශ්‍රී ලංකා රජය සමග ඉන්දියාව අත්සන් තැබීමට නියමිත වෙළද හා තාක්ෂණික සහයෝගිත ගිවිසුම “එක්ටා“ පිටුපස ක්‍රියාත්මක වන්නේ ආර්ථික ප්‍රතිපත්තියකට එහා ගිය දේශපාලනික උවමනාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“රටේ ආර්ථිකය ඉන්දියාවට බිලි දෙන එට්කා එපා!” යනුවේ ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (18) සංවිධානය කළ සම්මන්ත්‍රණක් අමතමින් ඔහු මේ බව පැවසීය.

ආණ්ඩු බිහි කිරීමට සහ පවතින ආණ්ඩු පෙරළිමට කටයුතු කරමින් ඉන්දියාව කවදත් මෙරටේ දේශපාලනයට මැදිහත් වූ බවත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හරහා ක්‍රියාත්මක වන්නේද ඉන්දියාවේ එකී දේශාපාලන උවමනාව බවද පෙන්වා දෙන ජවිපෙ නායකයා උද්දච්ච ප්‍රකාශ කරමින් අගමැතිවරයා එක්ටා ගිවිසුම බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමට දරණ උත්සහයට එරෙහිව ජනතාව පෙළගැස්විය යුතු බවද පැවසීය.

Related posts

අපේ රටට අවශ්‍ය කල දුටු කල වල ඉහ ගන්නට මාන බලන කුහක මිනිසුන් නොවේ. | විජේදාස රාජපක්ෂට දේශප්‍රේමියෙකුන්ගෙන් පිළිතුරක්

colombotoday

එකම නිවසේ දෙන්නා දෙ නෑනෝ ඝාතනය කරලා

Admin

මාස දෙකකදී ඉස්ලාම් අන්තවාදීන් 201ක් නීති විරෝධී ලෙස ලංකාවට ඇතුල් වෙලා !!

colombotoday

වරාය අධිකාරිය රු. බිලියන 11ක වාර්තාගත ලාභයක් උපයයි

colombotoday

ඤාණසාර හිමියන් තවදුරටත් සිරගත කිරීමට නීතීඥ සංගමය සහ එන්ජීඕ කුමන්ත්‍රණයක්!

colombotoday

ලක්ෂ්මන් යාපාට නඩු!

Admin