World

වෙඩි වැදුණු ඉම්රාන් ඛාන්ට සැත්කමක් – පුද්ගලයෙකු මරුට, තවත් 5කට තුවාල…

පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා කරයි.

වෙඩි තැබීමෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පාදයකට හානි සිදුව ඇති අතර, ඔහු සැත්කමකට භාජනය කිරීමට සිදුවනු ඇතැයි, ඉම්රාන් ඛාන්ගේ සහකයින් උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කරයි.

කඩිනම් මැතිවරණයක් ඉල්ලා ගුජ්රන්වාලා ප්‍රදේශයේදී ඊයේ(03) පස්වරුවේ පැවති දේශපාලන රැළියක් අතරතුරදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක් විය.

හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ජනතාව නොමග යවන සුලු ප්‍රකාශ හේතුවෙන් තමන් මෙම වෙඩි තැබීම සිදුකළ බව සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ.

Related posts

රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්‍රේනයේදී මරුට

Admin

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට යන්න හදයි

colombotoday

ඉන්දියාවේ භූකම්පනයක්

Admin

යුරෝපා සංගමයේ තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළාදකී

colombotoday

ඔබාමාටත් කෝවිඩ්

colombotoday

සූකීගේ නිලධාරියකු හමුදා අත්අඩංගුවේ සිටියදී මිය යයි

colombotoday