Colombo Today Local News

හිටපු කොටින් දෙදෙනෙක් රජයේ සාක්ෂිකරුවන් ලෙස එක්නැලිගොඩ නඩුවට සාක්ෂි දෙයි!

eknaligoda kotiya 125

මාධ්‍යවේදියෙකු යැයි හදුන්වන LTTE ත්‍රස්තවාදී ඔත්තුකරුවෙකු යැයි අනාවරණය වී ඇති ප්‍රගීත් එක්නැලිගොඩ නමැති අය අතුරුදන්වීම සම්බන්ධයෙන් නඩුවට හිටපු කොටි සාමාජිකයන් දෙදෙනෙකු රජයේ සාක්ෂිකරුවන් ලෙස ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

හෝමාගම මහෙස්ත්‍රාත් රංග දසනායක ඉදිරියේ ඔවුන් ඊයේ (16) මෙම ප්‍රකාශය ලබා දුන් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

ත්‍රිකුණාමලය කුච්චවේලි සහ මඩකලපුව කල්අඩි ප්‍රදේශයේ පදිංචි මෙම කොටි සාමාජිකයන් දෙදෙනා ගිරිතලේ හමුදා කදවුරේ රදවා සිටි දෙදෙනෙක් වන අතර ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනිම සදහා උපයෝගි කරගත් දුරකථන සිම් මිලදී ගෙන ඇත්තේ LTTE සංවිධානය විසින් මෙම ත්‍රස්ත සාමාජිකයන් දෙදෙනාට ලබා දුන් හැදුනුම්පත් භාවිතයෙන් බවට තොරතුරු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇත.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Related posts

පෙත්සම් ගැන තීරණයක් දෙන තුරු මන්ත්‍රී ධුරයේ හෝ ඇමති ධුරයක දිවුරුම් දෙන්නේ නැහැ – ධම්මික පෙරේරා

colombotoday

මැතිවරණයෙන් ජය ගත්තට පස්සේ සිරිකොත වගකීම බාර ගන්නවා- සජිත්

colombotoday

දියතලාවේ බස් රථයක් ගිනි ගැනීමට හේතුව අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

විශ්‍රාම නොයන බව ජනපති කියයි.

colombotoday

”නැව ගනි ගැනීමෙන් මහුදු ජලයේ pH අගය වෙනස් වී නැහැ” – නාරා ආයතනය

colombotoday

තොරණ, දන්සැල් ඉරිදා පන්ති තහනම ගැන බුද්ධ ශාසන ඇමති මුල්වරට මාධ්‍යට කතා කරයි (Video)

colombotoday