Colombo Today Local News

රහස් පොලීසිය වැලිසර නාවික කදවුර පිරික්සයි!

navy 22121විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඊයේ (15) උදෑසන වැලිසර නාවික හමුදා කදවුරු සංකීර්ණයට ඇතුළු වී පරීක්ණ කර තිබේ.

රහස් පොලීසිය විසින් කරනු ලබන පරීක්ෂණයකට අදාලව මෙසේ නාවික කදවුරු ඇතුළු වී ඇත්තේ අධිකරණයෙන් ලද සෝදිසි වරන්තුවක් මත බව සදහන් වේ.

පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට අදාලව මෙසේ සෝදිසි කිරීම් සිදුකර තිබෙන අතර රහස් පොලිස් කණ්ඩායම වාහන සහ කැබලි කරන ලද වාහන කොටස් ගබඩා කර ඇති ස්ථාන පරීක්ෂා කළ බවයි සදහන් වන්නේ.

මෙම සිද්ධියට අදාළව මීට පෙර ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ද පරීක්ෂා කර ඇති අතර එහි දී කොටස් කරන ලද එක් වාහනයක කොටස් රහස් ‍පොලිසිය විසින් සොයාගෙන තිබුණි.

Related posts

පාකිස්තානයෙන් මෙරටට ආ බහාලුමක හෙරොයින්

Admin

ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කැපෙයි

colombotoday

ශ්‍රී ලංකාවට කෝචොක් දමා ස්විස් තානාපති කාර්යාලය ගහපු ගේම

colombotoday

පාසල් සිසුන් ලක්ෂ 45කට අද පටන් රක්ෂණාවරණ !

colombotoday

සුවය වූ කොරෝනා රෝගියාට නැවත කොරෝනා වැලදේ

colombotoday

මෛත්‍රී-රනිල් පාලනයෙන් රට නැවතත් කාලිංග-මාඝ යුගයකට

colombotoday