Colombo Today Local News

“එජාප නොමග ගිය මන්ත්‍රීන්ට නාමයෝජනා ගන්න වෙන්නේ නෙළුම් මාවතේ කපුටෙකුගෙන්”

එක්සත් ජාතික පක්ෂයේ නොමග ගිය පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ද අනාගතයේදී නාමයෝජනා ගන්නට සිදු වන්නේ නෙළුම් මාවතේ කපුටෙකුගෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එජාපයේ ඇතැමුන්ට මහින්ද රාජපක්ෂ මහතා ළඟට ගොස් වැඳ වැටෙමින් තම තමන්ගේ දුක කියන්නට සිදුවී ඇති බව ත්, වර්තමාන ජනාධිපතිවරයා යටතේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට අත්වී ඇති ඉරණම කනගාටුදායක බව ත් විපක්ෂ නායකයා සඳහන් කළේ ය.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු ඊයේ (සැප්. 18)දින මෙසේ කීය.

මේ වන විට මුළුමහත් ජාත්‍යන්තරයෙන් ම ආණ්ඩුවට අනතුර එල්ල වී ඇති අතර ඉන්දියාව ආධාර නැවත ලබා නොදෙන බව පවසා ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.

රටේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වනතුරු කිසිදු සහයක් නොදෙන බවට ජාත්‍යන්තර සංවිධාන පවසා ඇති බව ද ඔහු පැවසීය. රට ගොඩනැගිය හැක්කේ මානුෂීය ධනවාදය තුළින් බව ත්, සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් කැප වන බවත්, විපක්ෂ නායකයා වැඩිදුරට ත් සදහන් කළේය.

Related posts

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක්

Admin

මීළග ජනාධිපතිවරයා එජාපයෙන්… මෛත්‍රීට කරන දේ මංගල කියයි

colombotoday

ගිය ආණ්ඩුවේ ලොක්කන්ගේ අයථා දේපළ රාජසන්තක කරන්න යයි

colombotoday

“මා කැමති කලු පාටටයි.. සුදු එක මගේ නෙවෙයි“ – අධ්‍යාපන ඇමති අකිල

colombotoday

IMF වාර්ෂික සමුළුවට සහභාගී වීමට මෙරට නියෝජිතයින් පිරිසක් කලබන මස වොෂින්ටනයට

colombotoday

වහබ්වාදී උලමා සභාවේ බලහත්කාරය නවත්වන ක්‍රමය ඥානසාර හිමි කියති

colombotoday