Colombo Today Local News

තව්හිද් ජමාත්, බුදු දහමට අපහාස කළාද නැද්ද? බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්තාව මෙන්න

tauheed jamaath 2545

සම්බුදු හිමියන් මිනීමස් වැළදූ බවට සහ බුදු දහමේ කරුණු විකෘති කරමින් අපහාසාත්මක වීඩියෝවක් රටපුරා බෙදාහැරීම සම්බන්ධයෙන් තව්හිද් ජමාත් ඉස්ලාමීය සංවිධානයට එරෙහිව ගොණුකර තිබූ නඩුව ඊයේ (11) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගනු ලැබීය.

අදාල දේශනයෙන් බුදු දහමට අපහාසයක් සිදුව ඇතිද? නැද්ද? යන්න විමසමින් මහෙස්ත්‍රාත්වරයා විසින් එම දේශනය අඩංගු සංයුක්ත තැටියක් සහ පත්‍රිකා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට යොමු කර තිබූ අතර එම දෙපාර්තමේන්තුවේ ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් ඒ පිළිබද  නිරීක්ෂණ වාර්තාවද ඊයේ අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

බුදු දහමට නිග්‍රහ කොට එය මිත්‍යා දෘෂ්ඨියක් බව පෙන්වා දෙමින් බෞද්ධ ජනතාව කුපිතකොට ආගමික හා ජාතික කෝලහාලයක් ඇති කිරීමට අදාල දේශනයෙන් උත්සහා කර ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර මහා නාහිමියන්ගේ මූලිකත්වයෙන් යුතු ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලය විසින් නිකුත් කළ එම වාර්තාව පහතින් දැක්වේ

1 2 3 4 5 6 7 8

665

Related posts

පොඩි ලැසී යලි රිමාන්ඩ්

colombotoday

දෙමළ ජනතාවට ස්වයංතීරණ අයිතිය ඕන… උතුරේ මහ ඇමති ජනපතිගේ මූණටම කියයි

colombotoday

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අධීක්ෂණය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට

colombotoday

සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද අල්ලයි

Admin

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් කරයි

Admin

මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ පෑලියගොඩ OIC යළි සේවයේ පිහිටුවයි

colombotoday