Colombo Today Local News

චීන විද්‍යාත්මක පර්යේෂණ යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොටට

ආන්දෝලනයට තුඩු දුන් චීන විද්‍යාත්මක පර්යේෂණ යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ.

එම නෞකාවට මේ මස 16 වන දා හම්බන්තොට වරායට ඇතුළුවීමට රාජ්‍ය තාන්ත්‍රික අවසරය හිමි වී තිබිණි.

මෙම අවසරය ලබා දී තිබුණේ, ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළදී ස්වයංක්‍රිය හඳුනා ගැනීමේ පද්ධතිය (AIS) ක්‍රියාත්මක කර තබා ගැනීම සහ ශ්‍රී ලංකා මුහුදේ කිසිදු විද්‍යාත්මක පර්යේෂණ සිදු නොකළ යුතු බවට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් අවධාරණය කළ කොන්දේසි මත ය.

ඒ අනුව, මෙම නෞකාව අගෝස්තු 16 සහ 22 අතර කාලය තුළ ඊට අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට නියමිත ය.

Related posts

ජනපතිට සහ අගමැතිට බැසිල්ගෙන් යෝජනාවක්

colombotoday

යුද හමුදාවේ නිලධාරීන් 514කට සහ සෙසු නිලයන් 14140කුත් උසස් කෙරේ

colombotoday

ETCA ගැන හිටපු ජනපති මහින්දගේ මතය කියයි

colombotoday

රනිල් ආසියානු සංවර්ධන බැංකුවට

Admin

අමාත්‍ය ගම්මන්පිල සාගර කාරියවසම්ගේ කලිසම ඔලුවෙන් ගලවයි. | ජනපති – අගමැති නොදැනුවත්ව මාධ්‍ය නිවේදන නිකුත් කරලා.

colombotoday

යතුරුපැදි මෙරටදීම එකලස් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න. | කර්මාන්ත ඇමැති විමල් වීරවංශ

colombotoday