Colombo Today Local News

ඉල්ලා අස් වූ ඇමතිවරු 5කට ලිපි භාරදෙන්න ජනපති නෑ

කැබිනට් මණ්ඩලයේ සාමාජික ඇමතිවරුන් පස් දෙනෙකු ඊයේ (ජූලි 10)දිනය වන විට තනතුරුවලින් ඉල්ලා අස්වූ බව ප්‍රකාශ කොට තිබේ.

සංචාරක හා ඉඩම් ඇමැති හරින් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර යන ඇමතිවරු පෙරේදා සිය ඇමැති තනතුරු අත්හැරියහ.

කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් ඇමති මහින්ද අමරවීර පොහොර නැව භාර ගැනීමෙන් අනතුරුව ඊයේ පෙරවරුවේ සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය.

ආයෝජන ප්‍රවර්ධන ඇමති ධම්මික පෙරේරාද ඊයේ දහවල් සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ප්‍රකාශයට පත් කෙරිණි. ධම්මික පෙරේරා ඇමැති ධූරයේ කටයුතු කළේ දින 16ක් පමණි.

වරාය, නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපතිවරයාගේ දැනුම් දීමට අනුව ඉකුත් බදාදා සිය ඇමති තනතුරෙන් ඉල්ලා අස්විය.

ඇමැතිවරුන් පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බැවින් ඔවුන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දිය යුත්තේ ජනාධිපතිවරයාට ය.

ජනාධිපතිවරයා සිටින තැනක් මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් ඉල්ලා අස්වූ බව ප්‍රකාශ කරන කිසි ම ඇමතිවරයෙකුට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීමට ද අවස්ථාවක් ලැබී නැත.

Related posts

ජනපතිට, අගමැතිට ගයන්ත කොකා පෙන්වයි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි?

colombotoday

හම්බන්තොට චීනයට දි ගත් චෙක්පත් අතුරුදන්.. මහ බැංකුවට බැර කර නෑ !

colombotoday

මුදල් ඇමති රට යයි

colombotoday

එජාපයෙන් 15ක් සන්ධානයට – මුතුහෙට්ටිගම

colombotoday

පිටිපන තාක්‍ෂණ පීඨය මහින්ද විවෘත කලාට ඒක කලේ මම- චම්පික

colombotoday