28 C
Colombo
9 April 2025
Colombo Today Local News

මන්ත්‍රීවරුන් 25කගෙන් ප්‍රකාශ ගන්න සී.සී.ඩීය මැතිසබයට

ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ඇතුළු දේපළවලට හානි කරනු ලැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරී කණ්ඩායමක් ඊයේ (23)දින පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරුන් 25 දෙනෙකුගෙන් පමණ කරුණු විමසා ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් කණ්ඩායම එම දේපළවලට අලාභහානි කළ පුද්ගලයන් සහ සිදු වූ හානි පිළිබඳව මෙහිදී මන්ත්‍රීවරුන්ගෙන් දීර්ඝව කරුණු විමසා ඇතැයි වාර්තාවේ.

දිවයින පුරා පසුගිය මස 9 වෙනිදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් වලින් මන්ත්‍රීවරුන් හැත්තෑ පස් දෙනකුගේ පමණ නිවාස ඇතුලු දේපළ හානියට පත්විය.

මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඉදිරියේදී තවත් මන්ත්‍රීවරුන්ගෙන් කරුණු විමසීමට නියමිතව ඇත.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනි තැබීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් සමග පාර්ලිමේන්තු බලධාරීන් පසුගියදා සාකච්ඡාවක් පැවැත්වූහ.

එම සිද්ධීන් පිළිබඳව විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී වැදගත් තීරණ කිහිපයක් ගෙන තිබෙන බවද වාර්තාවේ.

Related posts

පාස්කු කොමිසමේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන්.

colombotoday

මැතිවරණ සටනට මහින්ද යළි කුරුණෑගලින්

colombotoday

බෙදුම්වාදයට ගෝඨාගෙන් ඉඩක් නෑ – TNA – ගෝඨාභය සාකච්ඡා ඵල රහිතයි !

colombotoday

ඥානසාර හිමිට සංඝ රාජ පදවියක්…!

colombotoday

ඉන්ධන හිගයක් ඇති වන බවට ප්‍රකාශයක් කළ ආනන්ද පාලිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට.

colombotoday

මෛත්‍රී එදත් කරේ නහයෙන් අඩන එකයි… පම්පෝරිය විතරයි, වැඩ නෑ.. යුද්ධ කාලෙ මෙයා හිටියනම් විනාසයි

colombotoday