Colombo Today Local News

නීතිවිරෝධී සංක්‍රමණිකයෝ 35ක් පානදුර මුහුදෙදී අත්අඩංගුවට

නීතිවිරෝධීව මුහුදු මගින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 35 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පානදුර මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව පැවුසවේ, පසුගිය 23 වනදා පානදුරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිරිස අත්අඩංගුවට ගත් බවයි.

මෙහිදී ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 5 දෙනෙකු ද ඇතුළුව පිරිමි පුද්ගලයින් 25 දෙනෙකු, කාත්තාවන් 04 දෙනෙකු හා ළමුන් 06 දෙනෙකු සහ බහුදින ධීවර යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

වැඩිදුරටත් සිදු කළ පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ, නාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ එන්ජිමෙහි කාර්මික දෝෂයක් පවතින බවත් යාත්‍රාව දීර්ඝ මුහුදු ගමනකට සුදුසු තත්ත්වයේ නොපවතින බවත් ය.

සැකකරුවන් පිරිස, කොළඹ වරාය පොලිසියට භාර දී ඇති අතර ඔවුන් ත්‍රීකුණාමලය, මන්නාරම, මඩකලපුව, මීගමුව, කල්පිටිය සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ.

නාවික හමුදාව අවධාරණය කර සිටින්නේ, ජීවිත අවදානමකට හෙළන මෙවැනි මිනිස් ජාවාරම්වලට හසුවී නීතිවිරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වැළකී සිටින ලෙසයි.

Related posts

“ඔබේ දහම ඔබටයි, මගේ දහම මටයි. කියා ඉස්ලාමයේ කියනවා.. මේ රටේ අපි ජීවත් විය යුත්තේ ඒ අනුවයි“ – අගමැති

colombotoday

නැදුන්ගමුවේ හස්ති රාජයා මිය යයි

colombotoday

දිය නාමින් සිටි ගැටව් දෙන්නෙකුට පී.සී ලිංගික අතවර කරලා

Admin

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදය ඇරඹේ

colombotoday

ඒකාබද්ධයේ පිරිසකට මහින්දගෙන් දැඩි දොස්මුරයක්…

colombotoday

වැඩ තහනම්වූ බන්ධනාගාර නිලධාරීන්ට වෙන්න යන දේ…

colombotoday