Colombo Today Local News

නව අගමැති වැඩ අරඹයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති කාර්යාලයේදී වැඩ භාර ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදි ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ය.

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත්කෙරුණේ සමන් ඒකනායක මහතායි.

නව අගමැති පිළිබඳ…

රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 6 වන වරටයි.

1977 බියගම ආසනය නියෝජනය කරමින් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා එවක පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම මන්ත්‍රීවරයායි.

ඔහු නියෝජ්‍ය විදේශ ඇමතිවරයා ලෙස පත් විය.

ඉන් අනතුරුව තරුණ හා අධ්‍යාපන කටයුතු ,කම්කරු ආදී අමාත්‍ය ධුර දැරූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙසත් කටයුතු කළේ ය.

අධ්‍යාපන පීඨ, තරුණ සේවා සභාව, ආයෝජන කලාප ආදිය ඔහු ඇමති ධුර දරන කාලයේ හඳුන්වා දුන් සංකල්ප කිහිපයකි.

රනිල් වික්‍රමසිංහ මහතා මුලින්ම අගමැති ධුරයට පත්වූයේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවයෙන් පසුවයි.

මෙවර ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙනි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පාර්ලිමේන්තුවේ එකම ආසනයක් පමණක් හිමි පුද්ගලයකු පත් වන පළමු අවස්ථාව මෙයයි.

Related posts

යාපනය කච්චතිව් වාර්ෂික මංගල්‍යට එන්න බැතිමතුන්ට අවසර නැහැ

colombotoday

කොටි සැකකරුවන්ට නිදහස පතා උතුරේ රදගුරුවරු යාඥා කරති.

colombotoday

රක්ෂිතයක් එලිපෙහෙලි කල 12 ක් අත්අඩංගුවේ. මුදා හරින්නැයි TNA මන්ත‍්‍රගෙන් පොලිසියට බලපෑම්

colombotoday

බන්දුලගෙන් රවීට අභියෝගයක් !

colombotoday

හෙට සිට බස් ගාස්තු ඉහළට

colombotoday

දිස්ත්‍රික්ක 07කට අනතුරු ඇඟවීමක්

colombotoday