Colombo Today Local News

නව අගමැති ලේකම් සමන් ඒකනායක

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික පරිපාලන නිලධාරියකු වන සමන් ඒකනායක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

2015-2019 යහපාලන ආණ්ඩුව ‍යටතේ අවස්ථා තුනකදී අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් පත්වීම් ලද ඒකනායක මහතා මෙවර අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් පත් කරනු ලබන්නේ සිව් වෙනි වතාවටයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ගත් ඒකනායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිලිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත.

වසර තිහක් ඉක්ම වූ පරිපාලන සේවය තුළ යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි,නිවාස,කර්මාන්ත, විදේශ කටයුතු හා මුදල් යන අමාත්‍යාංශවල මෙන්ම මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්‍යාලයේ සහ ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්‍යාලයේද සේවය කර ඇත.

Related posts

කොන්දේසි කිහිපයකට යටත්ව හෙට සිට ගෑස් වෙළඳපොලට

colombotoday

විදුලි බිල්පත් පිළිබදව ජනපති කරුණු විමසයි

colombotoday

සිරිකොත colomboToday ගැන CIDයෙන් අහන්න යයි !

colombotoday

ඇප මත සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ ජීවිත අනතුරේ !

colombotoday

අණ නොතකා පලායමින් සිටි වැලි ජාවාරම්කරුවන්ට හමුදාවෙන් වෙඩි

colombotoday

අලුතින් සොයාගත් හූනන් හයකට ජාතික වීරයන් හයකගේ නම් දෙති

colombotoday