Colombo Today Local News

සිමෙන්ති සංස්ථාවට ඛනිජ තෙල් තොග ගබඩාවෙන් කෝටි 168ක පොල්ලක්

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ පිහිටි තෙල් ටැංකි දෙකක් සහ නළ පද්ධතියක් භාවිතා කිරීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත රාජ්‍ය සමාගම වසර දහයක් තිස්සේ රුපිල් කෝටි 168 ක බදු කුලී මුදල් ගෙවා නැතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ පිහිටි තෙල් ටැංකි 02ක් හා නළ පද්ධතිය ලිඛිත ගිවිසුමකට එළැඹීමකින් තොරව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත රාජ්‍ය සමාගම වෙත 2010 වසරේදී ලබාදී තිබුණි.

මේ සම්බන්ධයෙන් තක්සේරු දෙපාර්තමේන්තුව විසින් 2010 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ රුපියල් කෝටි 168 ක මුදලක් සිමෙන්ති සංස්ථාවට ගෙවිය යුතු බවට තක්සේරුකොට තිබිණි. බදු කුලී අය කර ගැනීම සඳහා 2020 ජනවාරි 24 හා ජුනි 30 දිනැති ලිපි මගින් බලශක්ති අමාත්‍යාංශය දැනුවත් කළ ද මේ දක්වා එම මුදල් අයවී නොතිබූ බව විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මෙකී මුදල ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය සමග සාකච්ඡා සිදුකරගෙන යන බව සිමෙන්ති සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට දැනුම් දී ඇත.

Related posts

අධිවේගී මාර් ග භාවිත කරන රියදුරන් ට විශේෂ දැනුම්දීමක්

colombotoday

විමල්-ඩලස්-මෛත්‍රී-උදය-වාසු හෙලිකොප්ටරෙන් අද එළිදකී

Admin

වසර 60 ක තීරණයේ වෙනසක් : රජයේ ආයතනවල මහජන දිනය සදුදා දිනයට ගෙන එයි

colombotoday

අසීමාන්තික භික්ෂු දඩයටම එරෙහිව නැගිටිමු… ඤාණසාර හිමි සිරගත කිරීමට එරෙහිව විරෝධතාවයක්

colombotoday

උඩරට මැණිකෙගෙ මෝටර් රථයක් ගැටෙයි

colombotoday

මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් මරුට

colombotoday