Colombo Today Local News

ඉන්ධන මිල ඉහළ නැංවිමට එරෙහිව නාවලපිටිය උණුසුම් – මාර්ගයයත් අවහිර කරයි.(Video)

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ නැංවිමට එරෙහිව නාවලපිටිය නගරයේ පෞද්ගලික බස් රථ හිමියන් , රියදුරන් සහ කොන්දොස්තරවරුන් හැටන් මහනුවර ප්‍රධාන මාර්ගය නාවලපිටිය බස් නැවතුම්පොල අසලින් අවහිර කරමින් (19) දින උද්ඝෝෂණයක නිරත විය.

පෞද්ගලික බස් රථ කිහිපයක් නාවලපිටිය බස් නැවතුම්පොලින් අවහිර කර උද්ඝෝෂණය සිදු කිරිම හේතුවෙන් ලංගම බස් රථ ධාවනයට බාධා මතුවිය.
සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ තම බස් රථ ධාවන කර්මාන්තය සිදු කරගෙන යාමට නොහැකි බවත්, ඉන්ධන මිල පහල හෙලන ලෙස හෝ බස් ගාස්තු වැඩි කරන ලෙස බලකරමින් පිරිස උද්ඝෝෂණයේ නිරත විය.

උද්ඝෝෂකයන් බස් නැවතුම්පොල සිට නාවලපිටිය නගර මධ්‍යයට පෙලපාලියකින් ගමන් කරමින් උද්ඝෝෂණයක නිරත වු අතර , නාවලපිටිය නගර හරහා ධාවනය කල වාහන එක් මංතිරුවක් ඔස්සේ නගර මධ්‍යයෙන් ධාවනය කරවිමට නාවලපිටිය පොලිසිය කටයුතු කෙරිණ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

ආරක්ෂ අංශ සොයමින් සිටි මව්ලවි කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

colombotoday

රවී ඇතුළු අටදෙනා බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

පාපන්දු ලෝක කුසලානය ජනපති අතට

colombotoday

ඒකාබද්ධ විපක්ෂ ජන රැළිය පැවැත්වෙන හයිඩ් පිටිය පුරා වල්වල් හාරති.. අළුත්වැඩියාවක්ලු !

colombotoday

ඩොලරය රු 150 නුත් ඉහළට නගී.. රුපියල පල්ලම් බහී !

colombotoday

ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක්

colombotoday