Colombo Today Local News

රමේෂ් පතිරණගේ නිවස වටලයි

හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස ඉදිරිපිට ද අද (04) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණි.

ආණ්ඩුවට හා හිටපු ඇමතිවරයාට විරෝධය පලකරමින් රැස්ව සිටි විරෝධතාකරුවෝ ‘ජනාධිපතිවරයා වහා ගෙදර යනු’ ආදි සටන් පාඨ ද කියමින් නිවස ඉදිරිපිටදි විරෝධතාවයේ නිරතවුහ.

මෙම විරෝධතාවය නිසා ගාල්ල කිතුලම්පිටිය මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාදා එල්ල විය.

හිටපු ඇමතිවරයාගේ නිවසේ ගෙට්ටුවසා දමා තිබු අතර පොලිස් ආරක්ෂාව ද යොදවා තිබුණි.

විරෝධතාකරුවන් හිටපු ඇමතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධය දැක්විම සදහා පැමිණිමින් සිටින අතරතුර රාජ්‍ය ඇමති මොහාන් පි ද සිල්වා මහතාගේ නිවස ඉදිරිපිටද විරෝධතාවයේ නිරතවුහ.

Related posts

පාස්කු සිද්ධියට පිල්ලෙයාන් සී.අයි.ඩීයට

Admin

“මම දුක් මහන්සියෙන් දියුණු වූ මිනිහෙක්.. ගම්මන්පිලට හොද පාඩමක් උගන්වනවා“ – රවී

colombotoday

පොලිස්පති හා නීතිය නවන පොලිෂ්පති !

colombotoday

සොයිසාපුර හෝටලයේ හිමිකරුට පාතාලයෙන් තවත් තර්ජනාත්මක ඇමතුමක්

colombotoday

සීනි පාලන මිල අද සිට ඉවතට | සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර

colombotoday

සාදින්නාවල නිවසක් නායයයි

Admin