Colombo Today Local News

වැඩ තහනම්වූ බන්ධනාගාර නිලධාරීන්ට වෙන්න යන දේ…

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විවිධ දුෂණ ක්‍රියා සම්බන්ධව සහ සිරකරුවන්ට වද හිංසා කිරිම් හෝ පහරදීම් සිදුකිරිම සම්බන්ධයෙන් නිලධාරින් වැඩතහනමට ලක්වු පසු ඔවුන්ගේ විනය පරීක්ෂණයන් හෝ අධිකරණ කටයුතු අවසන් වන තෙක්ම ඔවුන් නැවත සේවයේ පිහිටුවිම පිළිබදව සලකා නොබැලිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙම නිළධාරින් තවදුරටත් සේවයේ තබාගැනිම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යහපැවැත්මට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බහුතරයක් නිළධාරින් සිදුකරන විශිෂ්ඨ සේවයටද හානිකර වන බව මාධ්‍ය ප්‍රකාශක පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

මේ පිළිබදව දැඩිව අවධනාය යොමු කර එවන් නිළධාරින් වරදකරුවන් වන්නේනම් සේවයෙන් පහ කිරිමට හෝ දැඩි දඩුවම් ලබාදිමටත් කටයුතු කරන බවද හෙතෙම කියා සිටි.

මේ පිළිබදව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් සියඑම අධිකාරිවරු වෙත දන්වා නිළධාරින් දැනුවත් කිරිමට කටයුතු කර ඇත.

එසේම මීට සමගාමීව සියඑම බන්ධනාගාරවලට ගොස් නිළධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් ද ඉදිරියේදි ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇති බවද හෙතෙම පවසයි.

එසේම බන්ධනාගාර රැදවියන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නිතිවිරෝධි කටයුතු පිළිබදව දැනුම් දිමට විශේෂ දුරකථන අංකයක් ද ලබා දි තිබේ.

0112678600 . අංකය වෙත ලබා දෙන තොරතුරු වල රහස්‍යභාවය රැකිමට ද කටයුතු කරනු ඇත.

Related posts

“ලංකාව-ඉන්දියාව අතර හනුමා පාළමක් හදන්නෑ” මහාමාර්ග ඇමති

colombotoday

බුර්කාව තහනම් කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක්‍… හලාල් හා මද්‍රසා පාසල් ගැනත් තීරණයක් !

colombotoday

ජනපතිවරු මාරු වුවත් ලංකාව පිළිබදව ඇමරිකානු ප්‍රතිපත්තියේ වෙනසක් නෑ

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද එස් විජේසිරි අභාවප්‍රාප්ත වෙයි

colombotoday

රයන් වෑන් 11 දක්වා රිමාන්ඩ්

colombotoday

රනිල් අගමැති කිරීමට බහුතරයට හරි – කථානායක ජනපතිට දන්වයි

colombotoday