Colombo Today Local News

කොළඔ සුපිරි හෝටල්වලට ගෝන මස් සැපයූ දෙදෙනෙක් කොටු

තෙල්දෙණිය රංගල අධි රක්ෂිතයට ඇතුළු වී ගෝනුන්,මුවන් සහ මොණරුන් මරා ඔවුන්ගේ මස් කොළඹ සුපිරි හෝටල්වලට සැපයූ දෙහිවල ප්‍රදේශයේ දෙදෙනකු උණ්ඩ 27ක් සමග අත්අඩංගුවට ගත් බව රංගල පොලිසිය කියයි.

ගෝනමස් කිලෝ 61ක් ගිනි අවි තුනක්, පතුරම්, අධිබල පන්දම් දෙකක් කැබ්රියක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත රංගල බර්න්සයිඩ් වතුයායේ බංගලාවක සැඟව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

රංගල අධි රක්ෂිතය තංගප්පුව ප්‍රදේශයේ වනාන්තයේ සැරිසැරූ සද්ධන්ත ගෝනුන් මරා මෙම මස් තොගය රහසිගතව කොළඹ සුපිරි හෝටල්වලට සැපයීම සඳහා සූදානම් කරමින් සිටින බවට පොලිස් බුද්ධි අංශය රංගල පොලිසියට ලබාදුන් තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇත.

මස් පිණිස මරා දැමිම සම්පූර්ණයෙන්ම තහනම් සත්ත්වකු වන ගෝනුන්, මෙන්ම මුවන් සහ මොණරුන් මරා ඉතා රහසිගතව කොළඹ තරු හෝටල්වලට දිගු කලක් තිස්සේ සපයා ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය පවසයි.

කොළඹ සිට තෙල්දෙණිය රංගලට කැබ් රථයෙන් ගිනි අවි ද රැගෙන ගොස් මෙම පිරිස කලක් තිස්සේ මෙම ජාවාම කර ඇති අතර පෙරේදා (6) රාත්‍රියේ පැමිණ ගෝනකු මරා බංගලාවේ නතර වී එම මස් ප්‍රවාහනය සූදානම් කර ඇතැයි ද පොලිසිය පවසයි.

Related posts

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටුවයි

Admin

කොළඹ කේසර් වීදියත් අද සිට වසා දැමේ

colombotoday

14 වැනිදා දුම්රිය වර්ජනයක්

Admin

MCC ගිවිසුම සම්බන්ධව මාගේ නායකත්වය යටතේ සාකච්ඡා වුයේ නෑ- කබ්රාල්

colombotoday

එජාප ය – ශ්‍රීලනිපය මත දෙකක.. ව්‍යවස්ථා සංශෝධනය මහ අවුලක !

colombotoday

ඉස්ලාම් හැර අනෙකුත් ආගමිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට පකිස්ථානය අපොහොසත් වී ඇත | ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සීලය

colombotoday