BusinessColombo Today Local News

ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි. “100% වාසිවෙන ගිවිසුම් ගහන්න බෑ” – ඇමති සුජීව

යෝජිත ඉන්දු-ලංකා වෙළද හා සේවා ගිවිසුම එළැඹෙන ජූනි මාසයේදී අත්සන් කිරීමට නියමිත බව රජය පවසනවා. ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලින් සමරවික්‍රම මහතා පැවසුවේ, යෝජිත ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට කිසිදු අහිතකර තත්වයක් ඇති ‍නොවන බවයි.

සේවා ගිවිසුමට වෛද්‍ය ක්ෂේත්‍රය සහ නීති ක්ෂේත්‍රය අදාළ නොවන බව පැවසූ අමත්‍යවරයා සේවා සදහා අවසර දීමට දැනට සාකච්ඡා කර ඇත්තේ ක්ෂේත්‍ර දෙකකට පමණක් බවත් එයට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයද ඇතුළත් වන බවයි.

මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ, දෙපාර්ශවක් ගිවිසුමකට එළැඹීමේදී එක් පාර්ශවයකට 100%ක් වාසි වන අකාරයට ගිවිසුමකට එළැඹිය නොහැකි බව ය.

කෙසේ නමුත් තොරුතුරු තාක්ෂණ ‍ක්ෂේත්‍රය සදහා ඉන්දියානුවන්ට අවස්ථාව සැලසීමේ තීරණයට සාමාජ ජාලා ඔස්සේ දැඩි විවේචන එල්ලවී තිබෙනු දක්නට ලැබුණා. පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් දැක්වූ ජනතා අදහස් කිහිපයක්

it from india

Related posts

ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණයත් අරඹයි

Admin

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නාමල්ගේ මතය

colombotoday

ස්ටාලින් නැවත පොලිසියට කැදවයි

colombotoday

ඇමති රංගේ ASP තනතුරක් ඉල්ලයි

colombotoday

මරාගෙන මැරෙන්න 11 දෙනෙක්‌ සූදානම් කරලා ඉඳලා

colombotoday

“ඔබේ දහම ඔබටයි, මගේ දහම මටයි. කියා ඉස්ලාමයේ කියනවා.. මේ රටේ අපි ජීවත් විය යුත්තේ ඒ අනුවයි“ – අගමැති

colombotoday